Sunday, November 2, 2014

පන් නෙළීම කවි

===========
සාම්ප්‍රදායික දැණුම පැදුරු නිෂ්පාදනයේ නියුතු ශිල්පීන් භාවිතයේ ක්‍රියාකාරී සංරක්ෂණයක යෙදවීමත් හැකිතාක් ලිඛිතව සහ දෘශ්‍ය මාධ්‍ය තුළ සංචිත කර මෙම උරුමය ඉදිරි අනාගතය කරා ආරක්ෂා කොට තැබීමේ අවශ්‍යතාව පවතී.
**** **** ****
අසන් මගෙ නෑනා...වෙමින් අසමානා
නොවී සකජානා...යමන් පන් උගුලන්ට නෑනා

ගොසින් පන් විලකට..බලමි දෙන්න වටපිට
සොදපන් සොයා සිට.. කපමු නෑනෝ මෙපන් හණිකට
ගෙනත් පන් ගෙදරට..අව්වේ දමා නිසි කොට
රැගෙන පන් සුරතට...වියමු නෑනෝ මෙපන් හණිකට
ගෙනත් එපන් අව්වේ ලා වේලමින
නොබා පන් ඉරති අගනෝ වෙනින් වෙන
සොබා මුල්ල පුරමින් පන් මිටක් ගෙන
දෙපත් රටාවෙන් වත් යන්තම් ගොතන
අඩයි කිරි බොන්ඩ නෑනෝ මගෙ දරුවා
දොඩයි එක වරක් මාගේ වද කරුවා
කුඩයි හැවන් ගහ මදි පැදුරක් පිරුවා
හොදයි නෑන මම ඔහෙ යන්තම් ගෙතුවා
සත් මසකට ඇති දරුවා පිළිසිදලා
ච්ත්‍ර රුවින් ළැමැදේ ගෝමර ඉසිලා
ගබ්සා වෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා
අක්කණ්ඩියේ යන්දැයි පන් කපන්නට
ඔක්කොමවන් රන් මිණිවන් පන්විලට
ගොසින් පන් කපා එන්නේ හවසකට
කවුද නගේ දරුවට කිරි පොවන්නට
මන්ද නගේඇයි කල් පහු කරන්නේ
යන්ද මෙලාකට දරුවා අඩන්නේ
උන්ඩ මෙලාකට කොල්ලන් තලන්නේ
යන්ඩ ලහිය පන් බැදගල්ලා නෑනේ
පන් මිටි බැදලා අර ගත්තුය හිසට
යන් කියලා අගනෝ සැදුනේ පෙළට
මං බැහැලා අගනෝ සැදුනේ රුවට
පන් ඉරලා වියමුව පැදුරක් රුවට
හිසට පියුම් ලා කොට්ටය වියන්නා
පයට පියුම් ලා කොට්ටය වියන්නා
මැදට ඇස් රටා ඇද පන් වියන්නා
කෙතට සතර මුල් දග ඇර වියන්නා
වියලා මෙමා අලි සහ ගෝමර ඇත්තූ
දගලා පෙළින් පෙළ නයි පොළගුන් සත්තූ
ගිරා සැළලිහිණි වටකර හැම සත්තූ
නුරා පැදුර වියලා දුන් අදිපත්තූ
රුවන් තෝඩු කණකට ඔබින අන්දම්
රිදී බන්ඩි අතකට ඔබින අන්දම්
එවන් කත ගෙ පියයුරු දිලෙන අන්දම්
බලන් ඔමරි ලිය පන් වියන අන්දම්
විලකට ගොසින් පන් උදුරා ගෙන එන්නේ
මිදුලේ දමා අව්වේ වේලා ගන්නේ
මඩුවේ දමා පැදුරක් දැන් පුරන්නේ
පැදුරේ ගැටිය ඇයි ඇද කෙරුවේ නෑනේ
බොහොම කල් ගොසින් කාටත් වෙයි නපුරු
කාටත් ඔහොම ඇස් දෙක නොපෙනෙයි නපුරු
නාමල් කුමරියන් වියනා හොද පැදුරු
ඇහිදැල් බෝය නෑනේ මිණිවන් පැදුරු
(පුවත් පතක පළවූ ලිපියකින් උපුටා ගන්නා ලදි)

Saturday, November 1, 2014

මහනුවර යුගයේ මුදල් භාවිතය 

සල්ලි 1 = සත 1/2
තුට්ටු 1 = සත 1 1/2
රිදී 1 = සත 15
පනම් 1 = සත 6
සිලිං 1 = සත 48
පවුම් 1 = රුපියල් 10
ගිණි 1 = රුපියල් 10 සත 50

ගජමන් නෝනා 

ගජමන් නෝනා සහ ඇලපාත මුදලි දෙදෙනා අතර ඇයි හොඳයියක් තිබුනේ කවි ගොතන්න පමනක් නෙමේ, එනිසාම දෙදෙනා ගේ කාව්‍ය සංවාද ශෘංගාරාත්මක බවින් අනුනයි, සමහර විට මේ කව් ඒ දෙදෙනා අතර වු රහස් සංවාද වෙන්නත් පුළුවන් ඒත් ඉතින් ඒකාලෙත් අපි වාගෙ අලගිය මුලගිය තැන් හොයන ගොයියෝ හිටපු නිසා පසු කාලීනව මේ කව් ප්‍රසිද්ධ රහස් බවට පත්වෙන්න ඇති මෙවැනි කවි පල කිරිමට පරිපාලකයින් ගේ අවසරය ලැබෙි නමි තව දුරටත් ඉදිරිපත් කරන්නමි

අැලපාත මුදලිගේ පැනය
පාලා සරඹ ජයකොඩි බඳිමි සැම දිනේ
සීලාචාරයේ කම්පාන අවගුනේ
බාලා අඟනුන්ගෙ කවි කපන තොරපනේ
ගාලා කොතන මුවහත් කරමිද නෝනේ

ගජමන් නෝනාගේ උත්තරය
පසන් ගුණ නැණ ගුනැති හිමි සඳුනි සසබොනේ
සපන් පිරිමින්ගෙ මද බිඳින ජල බනේ
වසන් කර තිබෙන මගෙ පළිගු ගල්වනේ
නිකන් ගා දිනන්නට නොදෙමි තොරපනේ
පැදුරු කර්මාන්තය ආශ්‍රිත විවිධ වර්ගීකරණයන් ගෙන හැර දැක්විය හැකිය.ඒවා කීපයක් වශයෙන් පහත් පරිදි වේ.
නිෂ්පාදන මාධ්‍ය අනුව
==============
පන් , ගල්ලැහැ,හණ, හම්බු, හීන්පන්, එළුපන්, බොරුපන්, තුන්හිරියා,හැවන්,නියද,කෝරා, තල, නාවාපට්ටා.
දුම්බර කළාල වර්ග,
=============
පන්නම් කළාල:ඉතා චාම් පැදුර
කුරුළු කළාල :කුරුළු රූප වලින් සමන්විත පැදුර
වැඩ කළාල : විවිධ මෝස්තර යෙදූ පැදුර
පැදුරු සදහා උපයුත්ත වන රටා මෝස්තර
===========================
මල් රටා සහිත පැදුරු මේවා "රටා පැදුරු" නමින් හැදින්වේ.
සමදරා මල් රටාව ,නෙළුම් මල් රටාව, මිරිස් මල් රටාව, අටපෙති මල් රටාව, නවම් මල් රටාව.
මෝස්තර(සත්ව රූප)
==============
හංස පූට්ටුව, මකුළුවා රටාව, නයිපෙණ රටාව, මුව රටාව.
මෝස්තර(ජ්‍යාමිතික)
==============
වංග ගිරිය, මහ කෙළි රටාව, ලේන්සු රටාව, වෙල්ල වැහුම් රටාව, බදුලු රටාව, දියරැල්ළ රටාව,පන්නම් කූර රටාව, මහ ලණු දගේ රටාව,කතිර රටාව.
හණ කෙදි ආශ්‍රිත දුම්බර කළාල හා වෙනත් වියමන් සැළකීමේදී කින්නර කුළයේ ස්ත්‍ර්‍රී පුරුෂ දෙපාර්ශවයම මධ්‍යම පළාතේ මහනුවර,මැණික් හින්න ,ගෝණාවල, ගම්මාන ආශ්‍රිතව මෙම කර්මාන්තයේ නියුක්තව පැවත එන බව සදහන්‍ ය.මේ ආශ්‍රිතව බැදුණු රටා මෝස්තර සිරිත් විරිත් සම්ප්‍රදායක් වෙනම ම පවතී.
දුම්බර කළාල සදහා යොදන මෝස්තර
=========================
කොරොස් පොත්ත, රත්වත්තේ අලංකාරය, තාරාවා, දෙපට ලණුව, තාරකා පෙත්ත, තුන්පොට ලණුව ,මල්ගහ,කුරුළු ගහ, නයි මෝස්තර.
පැදුරු සදහා භාවිත අමු ද්‍රව්‍යයන්ගෙන් වියමන් වන විවිධ ගෘහ පරිභෝජන අංග
==================
මාගල, කළාල , බිත්ති සැරසිළි, දොර ආවරණ (හණ)
,ආණ, වට්ටි,පෙට්ටි,කූඩ ඇතුළු ගෘහ ආම්පන්න.
(දැන් ඉතින් මේ ලිපිය බලන කවුරුත් .මෙහි කියැවෙන දේවල් පිළිබද උනන්දු වෙලා අපේ අනිත් යාළුවන්ටත් දැන ගැනීම පිණිස පුළුවන් නම් ඒ වගෙ පින්තූරත්
සමග කමෙන්ටුවක් දාන්න කියලා කාරුණිකව ඉල්ලා
සිටිනවා )
මේ විස්තර උපුටා ගත්තේ පුවත් පතක පළවූ ලිපියකිනි
eththananda Jayamudali මැදගොඩ ධම්මානන්ද ස්වාම්න් වහන්සේ මේ පෙම් පලහිලව්ව ගැන පොත්ක්ම ලියල තියෙනව .තවත් අයගේ අදහසුත් එක්ක බලපුවාම මේක රාජකිය කුමන්ත්‍රනයක් වග වැටෙහෙනවා . මුතුතන්ත්‍රි නෝනා කියන කතාවත් රන්කිරි මහත්තය කියන කතාවත් ඒ පොත්වල තියෙනවා .දස්කොන්ගේ තාත්තා De Gascoyneනැමති ප්‍රංශ ජාතික අසුන් බලන්නෙක්ලු, එයා දෙවැනි රාජසිංහ රජිඳුන්ගේ කාලයේ තානාපති වරයෙක් සමග ඇවිත් තියෙනවා හැබැයි එයාට ආපසු යන්න ලැබිල නෑ . ඉතින් එයා පෘතුගීසි කාන්තාවක් විවාහ කරගෙන දරුවො දෙන්නෙකුත් ලැබුනලු. පිරිමි ලමය තමයි අපේ දස්කොන් , දෙවැනි රාජසිංහ රජ්ජුරැවන්ගෙන් පස්සේ නරෙන්ද්‍රසිංහ රජතුමාගෙ කාලෙ එතුමාට බොහෝ හිතවත්වී මහාධිකාරම් තනතුරටම පත්වෙනව , දස්කොන් අධිකාරම රජ්ජුරුවන් විනෝද කාමී(සෙල්ලම් නිරිඳු) පුද්ගලයෙක් කරපු එකට වගකියන්න ඔීනලු මොකද රජ්ජුරුවන්ට විජාතික බිසවක් සරනපාවල දෙන්න ලන්දේසින්ගෙ උදව් අරගෙන තියෙන්නේ ත් පෘතුගීසි ජාතික ගොන්සාල්වෙස් පියතුමා රජ්ජුරුවන්ට ලංකර දෙන්නෙත් මෙයාම තමයි ඒ එක්කම රජතුමා මත්ලෝලියෙකු කරන්නෙත් එයාමයි. ඉතින් දස්කොන්ට සිංහල උගන්නපු සුරියගොඩ හාමුදුරුවෝ සහ තවත් සිංහල බෞද්ධ ප්‍රභූවරු දස්කොන් ගේ අන්‍යාගමිකරන හා විජාතිකරන වැඩපිලිවෙල ගැන සැක උපදවාගෙන ප්‍රමිලා බිසව හා දස්කොන් අතර හුටපටයක් මවාපාලා රජ්ජුරුවන් අතින්ම මරණය සලස්වලා දුන්න කියල තමයි බොහෝ අයගෙ මතය. දස්කොන් හොද කවිකාරයෙක් වුන නිසාම ‍‘‘නෝක්ඩුමාලය ,ශ්‍රීමාලය වැනි කවිපන්ති රචනා කරල තියෙනව හැබැයි මේ පුමිලා දසකොන් ප්‍රෙමාලාප නම් සූරියගොඩ හාමුදුරුවන්ගෙ වැඩක් කියල තමයි කියන්නේ, 

විසැස් කමලාව රසපහස නොවිද මා 
දසිස් දුනි පොරණ ඇස දුටු පමනටමා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත්මෙමා
මහිස් එකක් ගියනම් නුඹෙ නමට කිමා
ඇත්තටම දස්කොන් මහාධිකාරම්ට මැරෙන්න වුණේ ප්‍රමිලාව නිසාද? නැතිනම් වෙනත් සිද්ධියකින් ද? ඒ වෙනත් සිද්ධිය; 
වැලිවිට සරණංකර හාමුදුරුවෝ අසාධ්‍ය ලෙස ගිලන්ව ඉන්න අවස්ථාවක වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු හෙවත් සෙල්ලම් නිරිදුගේ අති මිත්‍ර පේදුරු ගස්කොන් මහාධිකාරම
, ගිලන් සරණංකර හාමුදුරුවන්ට කැද පායාසයක් හදල යවල තියනවා. එතෙන්දි, වැලිවිට සරණංකර හිමි ගැන සොයාබලා වැඩකටයුතු කල තැනැත්තා දස්කොන් එවූ කැද පායාසය ගැන සැක සිතන්නේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා දස්කොන්ගේ ගජමිතුරෙක් නිසා. එකල බුදු සසුනට, බුද්ධ චීවරයට දැඩි තර්ජන තිබුණු කාලයක් වීම ඊට හේතුවයි. මේ තැනැත්තා සරණංකර හාමුදුරුවන්ට ගෙනා කැද කෝප්පය අරගත්තා. කැද කෝප්පය නැවත යවන්න බැරි රාජාද්‍රෝහී වීමට ඉඩ ඇති නිසා. හාමුදුරුවන්ට යවන්නත් බෑ සැකය එතරම් දැඩි නිසා. 
හොදයි එහෙනම් මේ හාමුදුරුවන්ට ගෙනා කැද කෝප්පය! කියල උන්නැහේ කැද කෝප්පෙ බීල. එතනිදිම කාලක්‍රියාව සිද්ධ වෙලා. 

ඉන් පස්සෙ හාමුදුරුවන්ට යවන හැම කෑමක්ම හාමුදුරුවො කීපදෙනෙක් විෂ පරීක්ෂා කරලයි යවල තියෙන්නෙ. මහවෙදා ඇවිත් කියල හෝරා භාගයෙන්, හෝරාවෙන්, දෙහෝරාවෙන්, ආදී ලෙස විස ශරීර ගත වී මැරෙන වෙලාවන්. කැමැත්තෙන් ඉදිරිපත් වුණු හාමුදුරුවන් යටතේ ආහාර එලෙස පරීක්ෂා කෙරිල තියනවලු. එක් හිමි නමක් එක් අහරක් අනුභව කර හෝරාවකට පසු එම අහරම අනික් හිමිනම වළදා ඉන් පසු හෝරා භාගයක් ගිය තැන අනිත් හිමි නම.. එලෙස එකම අහර පරික්ෂා කරල තමයි සරණංකර හිමිට පිළිගන්වල තිබිල තියෙන්නෙ. එතරම් භයානක කලක්. මෙන්න මේක ආරංචි වෙලා කියනවා දස්කොන්ව මරන්න හේතුව. 

පහු කාලෙදි සුද්දන් විසින්ම මේ කතාව වෙනස් කරලා ආදර කතාවක් බවට පත් කරල හැමදාම වගේ අපිට ඇත්ත වහන් කරා කියලයි තැනක තිබුණේ. ලංකාවේ බුද්ධ සාසනය නූලෙන් බේරුව ඒ වීර තැනැත්තගෙ නමවත් හරියට සදහනක් නෑ. රඹුක්කන කියල නමක් තියන කෙනෙක් කියල කියනව. නමුත් නිවැරදි නමක් කොතනකවත් නැහැ. වෙනස් වෙන්න තිබූ මහා ලොකු ඉතිහාසයක්, එක තත්පරයකින්, එක පුංචි ක්‍රියාවකින් වෙනස් කරපු ඒ තැනැත්ත ගැන නෙවෙයි අද කතා කරන්නෙ. ඔහු නැත්නම් සිංහල බෞද්ධයෝ අද මේ එන දෙසැම්බර් විසි පහට ලක ලෑස්ති වෙන්න ඉඩ තිබුන.  

විලියම් ශේක්ෂ්පියර් ලංකාවට ආව නම් රෝමියෝ ජුලියට් ගැන දුක් වෙනවලු දස්කොන් ප්‍රමිලා ආදර අන්දරය දැකලා. සුදු මහත්තුරු කිව්වෙ එහෙමලු අපේ ගම්මුන්ට. දස්කොන් ප්‍රමිලා ආදර කතාව හරි ලස්සන සුරගන රැගුමක්, කටුක ඇත්තක් වසා දැමුණු!!
න් නෙළීම කවි
===========
සාම්ප්‍රදායික දැණුම පැදුරු නිෂ්පාදනයේ නියුතු ශිල්පීන් භාවිතයේ ක්‍රියාකාරී සංරක්ෂණයක යෙදවීමත් හැකිතාක් ලිඛිතව සහ දෘශ්‍ය මාධ්‍ය තුළ සංචිත කර මෙම උරුමය ඉදිරි අනාගතය කරා ආරක්ෂා කොට තැබීමේ අවශ්‍යතාව පවතී.
**** **** ****
අසන් මගෙ නෑනා...වෙමින් අසමානා
නොවී සකජානා...යමන් පන් උගුලන්ට නෑනා
ගොසින් පන් විලකට..බලමි දෙන්න වටපිට
සොදපන් සොයා සිට.. කපමු නෑනෝ මෙපන් හණිකට
ගෙනත් පන් ගෙදරට..අව්වේ දමා නිසි කොට
රැගෙන පන් සුරතට...වියමු නෑනෝ මෙපන් හණිකට
ගෙනත් එපන් අව්වේ ලා වේලමින
නොබා පන් ඉරති අගනෝ වෙනින් වෙන
සොබා මුල්ල පුරමින් පන් මිටක් ගෙන
දෙපත් රටාවෙන් වත් යන්තම් ගොතන
අඩයි කිරි බොන්ඩ නෑනෝ මගෙ දරුවා
දොඩයි එක වරක් මාගේ වද කරුවා
කුඩයි හැවන් ගහ මදි පැදුරක් පිරුවා
හොදයි නෑන මම ඔහෙ යන්තම් ගෙතුවා
සත් මසකට ඇති දරුවා පිළිසිදලා
ච්ත්‍ර රුවින් ළැමැදේ ගෝමර ඉසිලා
ගබ්සා වෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා
අක්කණ්ඩියේ යන්දැයි පන් කපන්නට
ඔක්කොමවන් රන් මිණිවන් පන්විලට
ගොසින් පන් කපා එන්නේ හවසකට
කවුද නගේ දරුවට කිරි පොවන්නට
මන්ද නගේඇයි කල් පහු කරන්නේ
යන්ද මෙලාකට දරුවා අඩන්නේ
උන්ඩ මෙලාකට කොල්ලන් තලන්නේ
යන්ඩ ලහිය පන් බැදගල්ලා නෑනේ
පන් මිටි බැදලා අර ගත්තුය හිසට
යන් කියලා අගනෝ සැදුනේ පෙළට
මං බැහැලා අගනෝ සැදුනේ රුවට
පන් ඉරලා වියමුව පැදුරක් රුවට
හිසට පියුම් ලා කොට්ටය වියන්නා
පයට පියුම් ලා කොට්ටය වියන්නා
මැදට ඇස් රටා ඇද පන් වියන්නා
කෙතට සතර මුල් දග ඇර වියන්නා
වියලා මෙමා අලි සහ ගෝමර ඇත්තූ
දගලා පෙළින් පෙළ නයි පොළගුන් සත්තූ
ගිරා සැළලිහිණි වටකර හැම සත්තූ
නුරා පැදුර වියලා දුන් අදිපත්තූ
රුවන් තෝඩු කණකට ඔබින අන්දම්
රිදී බන්ඩි අතකට ඔබින අන්දම්
එවන් කත ගෙ පියයුරු දිලෙන අන්දම්
බලන් ඔමරි ලිය පන් වියන අන්දම්
විලකට ගොසින් පන් උදුරා ගෙන එන්නේ
මිදුලේ දමා අව්වේ වේලා ගන්නේ
මඩුවේ දමා පැදුරක් දැන් පුරන්නේ
පැදුරේ ගැටිය ඇයි ඇද කෙරුවේ නෑනේ
බොහොම කල් ගොසින් කාටත් වෙයි නපුරු
කාටත් ඔහොම ඇස් දෙක නොපෙනෙයි නපුරු
නාමල් කුමරියන් වියනා හොද පැදුරු
ඇහිදැල් බෝය නෑනේ මිණිවන් පැදුරු
(පුවත් පතක පළවූ ලිපියකින් උපුටා ගන්නා ලදි)