eththananda Jayamudali මැදගොඩ ධම්මානන්ද ස්වාම්න් වහන්සේ මේ පෙම් පලහිලව්ව ගැන පොත්ක්ම ලියල තියෙනව .තවත් අයගේ අදහසුත් එක්ක බලපුවාම මේක රාජකිය කුමන්ත්රනයක් වග වැටෙහෙනවා . මුතුතන්ත්රි නෝනා කියන කතාවත් රන්කිරි මහත්තය කියන කතාවත් ඒ පොත්වල තියෙනවා .දස්කොන්ගේ තාත්තා De Gascoyneනැමති ප්රංශ ජාතික අසුන් බලන්නෙක්ලු, එයා දෙවැනි රාජසිංහ රජිඳුන්ගේ කාලයේ තානාපති වරයෙක් සමග ඇවිත් තියෙනවා හැබැයි එයාට ආපසු යන්න ලැබිල නෑ . ඉතින් එයා පෘතුගීසි කාන්තාවක් විවාහ කරගෙන දරුවො දෙන්නෙකුත් ලැබුනලු. පිරිමි ලමය තමයි අපේ දස්කොන් , දෙවැනි රාජසිංහ රජ්ජුරැවන්ගෙන් පස්සේ නරෙන්ද්රසිංහ රජතුමාගෙ කාලෙ එතුමාට බොහෝ හිතවත්වී මහාධිකාරම් තනතුරටම පත්වෙනව , දස්කොන් අධිකාරම රජ්ජුරුවන් විනෝද කාමී(සෙල්ලම් නිරිඳු) පුද්ගලයෙක් කරපු එකට වගකියන්න ඔීනලු මොකද රජ්ජුරුවන්ට විජාතික බිසවක් සරනපාවල දෙන්න ලන්දේසින්ගෙ උදව් අරගෙන තියෙන්නේ ත් පෘතුගීසි ජාතික ගොන්සාල්වෙස් පියතුමා රජ්ජුරුවන්ට ලංකර දෙන්නෙත් මෙයාම තමයි ඒ එක්කම රජතුමා මත්ලෝලියෙකු කරන්නෙත් එයාමයි. ඉතින් දස්කොන්ට සිංහල උගන්නපු සුරියගොඩ හාමුදුරුවෝ සහ තවත් සිංහල බෞද්ධ ප්රභූවරු දස්කොන් ගේ අන්යාගමිකරන හා විජාතිකරන වැඩපිලිවෙල ගැන සැක උපදවාගෙන ප්රමිලා බිසව හා දස්කොන් අතර හුටපටයක් මවාපාලා රජ්ජුරුවන් අතින්ම මරණය සලස්වලා දුන්න කියල තමයි බොහෝ අයගෙ මතය. දස්කොන් හොද කවිකාරයෙක් වුන නිසාම ‘‘නෝක්ඩුමාලය ,ශ්රීමාලය වැනි කවිපන්ති රචනා කරල තියෙනව හැබැයි මේ පුමිලා දසකොන් ප්රෙමාලාප නම් සූරියගොඩ හාමුදුරුවන්ගෙ වැඩක් කියල තමයි කියන්නේ,
විසැස් කමලාව රසපහස නොවිද මා
දසිස් දුනි පොරණ ඇස දුටු පමනටමා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත්මෙමා
මහිස් එකක් ගියනම් නුඹෙ නමට කිමා
No comments:
Post a Comment