Tuesday, November 4, 2014

පුරාණ සිංහල සමාජයේ අප්‍රකට ජනකවියා අතින් මෙන්ම කාව්‍ය රචනයේ යෙදුනු මහා වියතුන් ද ගැහැනුන්ගේ පතිවෘත්තාව හාස්‍යයට ලක්කොට ගැරහීමට ලක්කරනු ලැබුයේ කුමන හේතුවක් නිසාද යන්න මහත් ගැටළුවකි . එය අද අපට දුලබ දසුනක් වු නරියන්ගේ චර්‍යාවන් අපහාසයට ලක්කරමින් ,කපටිකමට උදාහරන කර ගනිමින් ගෙතූ කතාන්දරයක් වැනියැයි මට සිතේ. කෙසේ වෙතත් පිරිමින් ගේ සල්ලාලකම්ද ජනකවියා හාස්‍යට ලක්කර නැතුවාම නොවේ මේ එයට උදාහරන යක්
‘‘ මිදුලෙන් එන සංඥාවක් සමගින් රෑට එලියට යන තම සැමියා ගේ හොරය ඉව වැටුනු බිරින්දෑ අවස්තාවක් එනතුරු කල් බලමින් සිටියේලු . එක් දිනක් රෑ රාත්තියේ එලියට බහින්නට හදන ස්වාමියාගෙන් ‘‘මේ කොහෙද යන්න හදන්නේ ඇසු විට‘‘ සද්දයක් ආව මම පොඩ්ඩක් එලියට ගිහින් බලන්නම් කීවේ මෙසේය
මීයා ඇවිත් වහලේ කනවා වද්ද
මීමා ඇවිත් අන්විට තලනව වද්ද
බල්ලා ඇවිත් දොරකඩ ලගිනව වද්ද
උඹ නිදයපන් පොරවාගෙන ඉහ රෙද්ද
වහා පැදුරෙන් නැගිටි ගැහැණිය,
මීයා නම් උගුලක් අටවා එඤ්ඤා
මීමා නම් කණුපොලෙ බැඳලා එඤ්ඤා
බල්ලා නම් බත් කොලපත ගෙන දෙඤ්ඤා,
පවසමින් ඉලපතත් රැගෙන මිදුලට ගියාය.තුස්නිම්භුත වු සැමියා අන්ද මන්ද කරමින් මොහතකින් ආපසු කාමරයට ආ ඇය මෙසේ පැවසුවේලු
මීයා ගියා මී උගුලට රිං ගන්ඩ
මීමා ගියා ලන්දේ රත්තන කන්ඩ
බල්ලා ගියා බලු රෑණට එක් වෙන්ඩ
ඉලපත ආ වැඩුව අරකිට චු යන්ඩ

No comments:

Post a Comment