Tuesday, November 4, 2014

දාඩිය නොම ගලන ආහාර ගන්ට            එපා
ගමනක් ගොසින් එළියක් ගෙන එන්ට     එපා
ගොවිතැන් කර වැට කොටු බැඳලන්ට    එපා
මුදලක් ණයට දීලා ඉල්ලන්ට                 එපා

To be Added

ජනකවියේ එන උපදෙස් කවි බොහෝ විට උගතුන්ගේ, වියතුන්ගේ නිර්මාණය. එබැවින් එම උපදෙස් කෙලින්ම නොකියා ව්‍යාංගාර්ථයෙන් පැවසූ අවස්ථාවකි ඉහත උදාහරණ කවිය. මෙහි එකවර පෙනෙන අරුත අනුව වැඩ කළ මෝඩ මිනිසෙකු තම සේසතම අහිමි කරගෙන, රාත්‍රිෙය් එළියක් ද නොමැතිව කලුවරේම ඇවිද තුවාල සිදු කර ගත් පුවතක් ද ජනප්‍රවාදයේ ඇත. එහෙත් මෙහි සැබෑ අරුත වන්නේ, කිසිදු වැඩක් පලක් නොකොට දහඩිය නොහෙලා කෑම නුසුදුසු බවත්, ගමනක් යනවානම් කලුවර වන්නට පෙර ආපසු ආයුතු බවත්, ගොවිතැනට පෙර පළමුව වැට කඩොලු බැඳ තැබිය යුතු බවත්, කිසියම් මුදලක් ණයට දිය යුත්තේ ආපසු ඉල්ලමින් පසුසසින් යා යුතු කෙනෙකුට නොව, නියමිත දිනට තමාට ගෙනැවිත් දෙන කෙනෙකුට බවත් ය.

To be Added

හෙළ ජන කවි සාහිත්‍යයේ තවත් කැපී පෙනෙන අංගයක් වන්නේ උපදෙස් කවි යි. ජන ජීවිතයේ බොහෝ අවස්ථාවල අනෙක් අයට ලබා දිය යුතු උපදෙස් කවියෙන් ලබාදීම එකළ වියතුන්ගේ සිරිත වී තිබින. පවුල් ගැටලු, විවිධ ක්‍රීඩා, ගොවිතැන, ආගම දහම හා විවාහ අවස්ථා ආදියේ දී ජන කවියා තමාගේ අත්දැකීම් ද යොදා කවියකින් සමාජයට අනගි උපදෙස් ලබා දී තිබුනි. වෙනත් ජනකවි මෙන්ම උපදෙස් කවි ද පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් ම පැවත ආවද, වෙනත් කවි වර්ග වලටත් වඩා අද දවසේ වියත් සාහිත්‍යධරයෝ මෙම උපදෙස් කවි තම නිර්මාණ වලට යොදා ගනිති.

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්    ල
හානා හීය පානා අඞහැරෙන් දැ            නේ
පැණි වරකා ගහටත් හෙණ නොවදී         ද
දුවන මුවන් දැක නොදමව් නෙලූ ප        ලා
නිල මැස්සා විතරයි පණ ගිය දා              ට
තමන්ගේ තරම දැනගෙන කල් ගෙව      නු

     ආදී වැකි වලින් මෙය පැහැදිලි වේ. එසේම මෙම බොහෝ වැකි යෙදෙන්නේ එය ඇතුලත් වන කවියේ අවසන් පේලියටය. පළමු පේලි තුනෙන්ද කිසියම් උපදෙස් ලබා දී ඇත.

සූරිය උදාවන තුරු පිණි බෑවිල්              ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්        ල
මාරුව බල බලා හිත යට කැරකිල්         ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්  ල

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ     කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ       පනිනු
කඩුල්ලේ තරම දැනගෙන කද            බඳිනු
තමන්ගේ තරම දැනගෙන කල්           අරිනු

පොත පත ඇසුරු කිරීමේ දී ජනකවි සාහිත්‍යය තුළ උපදේශ කවි විශාල ප්‍රමාණයක් දැකිය හැක.  උපදේශය ලබාදීමට පෙර සාමාන්‍ය ජනයාට හුරු පුරුදු උපමා යොදමින් මෙම කවි නිර්මාණය කර තිබීමෙන් අපට පැහැදිළි වන්නේ පෙර උගතුන්ගේ, දැනමුත්තන්ගේ දැනුම ඔවුන් විසින් පොදු සමාජයට ඉතා සරල ලෙසින් හා ප්‍රයෝජනවත් ලෙසින් ලබා දී ඇති බවයි.

No comments:

Post a Comment