ගජමන් නෝනා
ගජමන් නෝනා සහ ඇලපාත මුදලි දෙදෙනා අතර ඇයි හොඳයියක් තිබුනේ කවි ගොතන්න පමනක් නෙමේ, එනිසාම දෙදෙනා ගේ කාව්‍ය සංවාද ශෘංගාරාත්මක බවින් අනුනයි, සමහර විට මේ කව් ඒ දෙදෙනා අතර වු රහස් සංවාද වෙන්නත් පුළුවන් ඒත් ඉතින් ඒකාලෙත් අපි වාගෙ අලගිය මුලගිය තැන් හොයන ගොයියෝ හිටපු නිසා පසු කාලීනව මේ කව් ප්‍රසිද්ධ රහස් බවට පත්වෙන්න ඇති මෙවැනි කවි පල කිරිමට පරිපාලකයින් ගේ අවසරය ලැබෙි නමි තව දුරටත් ඉදිරිපත් කරන්නමිඅැලපාත මුදලිගේ පැනය
පාලා සරඹ ජයකොඩි බඳිමි සැම දිනේ
සීලාචාරයේ කම්පාන අවගුනේ
බාලා අඟනුන්ගෙ කවි කපන තොරපනේ
ගාලා කොතන මුවහත් කරමිද නෝනේ
ගජමන් නෝනාගේ උත්තරය
පසන් ගුණ නැණ ගුනැති හිමි සඳුනි සසබොනේ
සපන් පිරිමින්ගෙ මද බිඳින ජල බනේ
වසන් කර තිබෙන මගෙ පළිගු ගල්වනේ
නිකන් ගා දිනන්නට නොදෙමි තොරපනේ
No comments:
Post a Comment