Friday, October 24, 2014
බුදුගුන අලංකාරයේ දැක්වෙන ලස්සන කවිකතාවක්
සිඟා ගිය තැනැ ලද
ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ
කෙරෙමි මසින් පුද
සිතා ගිනි දෙවිය හට මහ පුද
ලුණු නැති මස් පුදට
නපුරැ” යි සිතා ගමකට
යා දී ඔහු ලුණට
අවුත් වලැ වැදි දනන් එ තැනට
එ ගොනා මරා මස්
පලහා කමින් නොසරස්
උන් ගිය සඳැ ඒ ගොස්
බලා ගොන් නඟුට කුර ඇට රැස්
අප රකිනා ත බා
තොප සතු ගොනා නො ත බා
කන තෙක් වෙතැ ත බා
බලා උන් කෙනෙකි තෙපි අත බා
එයින් ගිනි දෙවි නැත
උන් නැත පුදෙන් පල නැත
බොරු බස් ලොව පැවැත
කරන පුදයෙකැ නුවණ නැති සත
ගොන් මස් නොලදිනී
මෙ පමණ කව යි ඉතිනී”
කියමින් වල‘ගිනී
ගසා දියවර නිවි යැ එ ගිනී
(බුදු ගුන අලංකාරය කාව්යව අංක 141-154)
Thursday, October 23, 2014
කෘෂිකාර්මික ආර්ථිකයට උර දෙන්නන් අතර හිරු නැගෙන්නටත් පෙර තම කාරිය අරඹන්නෙ රබර් කිරි කැපුම් කරුවාය
කිරි මාමා
කිරි මාමයි ඉර මාමයි - පාන්දරම තරගයක්!
කවුද බලමු අල්ලන්නේ -කඳු මුදුනේ කිරි ගහක්
රතු කුකුළගෙ විධානයට -අපෙ මාමල කලබල වෙයි
ඇටිකුබ්බයි හැලි වඳුරයි - කරුවලේම හුරේ දමයි
දිනුම් කනුව කඳු මුදුනේ- කිරි මාමා ලඟා වුනේ
මහන්සියක් නෑ දැනුනේ - දහදිය පිනිදිය තෙමුනේ
ඉර මාමා පමා වෙලා - රබර් ගහට මුවාවෙලා
ඉරමාමා පැරදුනා - කිරිමාමට හරි හිනා
ටික් ටික් ටික් කිරි සිනා - රබර් ගහත් හිනැහුනා
කිරි මාමයි ඉර මාමයි - පාන්දරම තරගයක්!
කවුද බලමු අල්ලන්නේ -කඳු මුදුනේ කිරි ගහක්
රතු කුකුළගෙ විධානයට -අපෙ මාමල කලබල වෙයි
ඇටිකුබ්බයි හැලි වඳුරයි - කරුවලේම හුරේ දමයි
දිනුම් කනුව කඳු මුදුනේ- කිරි මාමා ලඟා වුනේ
මහන්සියක් නෑ දැනුනේ - දහදිය පිනිදිය තෙමුනේ
ඉර මාමා පමා වෙලා - රබර් ගහට මුවාවෙලා
ඉරමාමා පැරදුනා - කිරිමාමට හරි හිනා
ටික් ටික් ටික් කිරි සිනා - රබර් ගහත් හිනැහුනා
Subscribe to:
Posts (Atom)