Thursday, October 23, 2014

කෘෂිකාර්මික ආර්ථිකයට උර දෙන්නන් අතර හිරු නැගෙන්නටත් පෙර තම කාරිය අරඹන්නෙ රබර් කිරි කැපුම් කරුවාය

කිරි මාමා

කිරි මාමයි ඉර මාමයි -       පාන්දරම තරගයක්! 
කවුද බලමු අල්ලන්නේ -කඳු මුදුනේ කිරි ගහක්

රතු කුකුළගෙ විධානයට -අපෙ මාමල කලබල වෙයි
ඇටිකුබ්බයි හැලි වඳුරයි -      කරුවලේම හුරේ දමයි

දිනුම් කනුව කඳු මුදුනේ-       කිරි මාමා ලඟා වුනේ
මහන්සියක් නෑ දැනුනේ - දහදිය පිනිදිය තෙමුනේ

ඉර මාමා පමා වෙලා - රබර් ගහට මුවාවෙලා
ඉරමාමා පැරදුනා   -       කිරිමාමට හරි හිනා

ටික් ටික් ටික්  කිරි සිනා - රබර් ගහත් හිනැහුනා


No comments:

Post a Comment