Saturday, November 22, 2014

PG/PGDM/KAR/2008/04

Indian Institute of Plantation Mgt.
Jnana Bharathi Campus, Malathalli P.O, Bangalore
– 560056, Karnataka
Director: Dr. V.J. Dhana Kumar
FAX:-080-23212775/23211716/ 23212773
CENTRAL GOVT./02/06/2008
ප්‍රහේළිකා කවි
පැරණි ජන කවියා සමාජයේ දකින අසන බොහෝ දේ කවිය සදහා වස්තු විෂය කරගත් බව දැකිය හැක.ගමකට යන පාර ඇසූවිට ඔහු එයට පිළිතුරු දුන්නේද ප්‍රහේළිකා කවියකිනි.
(1)මේ මුල්කිරිගලට යන පාර ඇසූ අයෙකුට ජන කවියා ප්‍රහේළිකා කවියකින් පිළිතුරු දුන් ආකාරයයි.
කිරිදිවැල කඩා හක උගුලා ගන්න
වේපත ඉරා දෙන තදකර බැදගන්න
මීයා මරා කණුවට සිරකර ගන්න
දළුව කඩා මුල බැදගෙන පලයන්න
කිරිදි -කිරින්ද
හක -හක්මන
වේපත ඉරා -වේපතඉර
දෙන -දෙනගම
මීයා -මී ඇල්ල
කණුවට -කණුමුල්දෙනිය
දළුවකඩා -දළුවක්ගොඩ
මුල -මුල්කිරිගල
(2)මේ නිවිතිගලට පාර කියූ අයුරුයි.
ඇස් නැති දොලකි අතපය නැති බොකු පතකී
නොඉදුනු බතකි වරපට අදිනා ගමකී
කුඩමසුකැටිය සහ පාතින් යන ගමකී
සාත්තර පරුවතේ එතනම ඔන්න සකී
ඇස් නැති දොල -කණදොල
අතපය නැති -කොටාමුල්ල
නොඉදුනු බත -අමුවල
වරපට අදින -හංගොමුව
කුඩමසු කැටිය-මගුරුගොඩ
පාතින් යන ගම -පාතකඩ
සාත්තර පරුවතේ -නිවිතිගල
වැලි තලප
=======
කැකුළු සහල් පිටියෙන් ද... කර ඕලු ඇට මෙන් ද...
තම්බා කඩ පිම්මෙන් ද...සුරැකිව තබා යෙහෙන්
එ කිතුල් පැණි හකුරෙන් ද..මදක් සීනි සමගින් ද ..
සැදි ගා ක කාරමින් ද.. ලණු වැටෙනා පදමින්
තිවග දෙදුරු සමගින් ද.. එක එක පමණ යසින් ද..
බැද සුන් කර ගනිමින් ද.. එකතුව සෑම දෙයින්
බදුනක ලා සතොසින් ද..සමකර යස විළසින් ද...
එදවස පසුව ගොසින් ද.. ගනිමින් නැවත ගොසින්
කැබැළි සැනින් කපා ම.. රඹ කැන් සමග කදී ම...
ලොව සත හට හොද කෑ ම...අසනුව නැණැති සියල්
උදය උදය හැම දා ම... වළදා උණු පැන් බී ම...
සත සිත් වෙර පිනවා ම...මියුරු දෙයකි සුවිපුල්
වැලිතලපය යන නා ම... පැවසුය පෙරැදුරු සෑ ම....
වා පිත් සමන් කිරී ම...කදිමට වේ නිරවුල්
තක රග කිරග කිරෙන් ද... දොමිකිටි කිටි තක කුන්ද...
කිටි තක තක්කිට කින් ද...ජෙනිකිට ගුජිත ගුදන්

Wednesday, November 5, 2014


      These songs not much emphasis on the social humorous ,but mostly on personal frailties of the character.When a person fail to achieve something that he desired so much ,he would address the issue rather in a humane tone,which is a humorous expression of the impossibility.In one of the occasion a certain person asks a young women whether she is made out of iron,implying the fact that she is unwilling to make love to him.  

 "Haasa upahaasa kavi" in Sinhala ( හාස-උපහාස කවි)


මගුල් ගෙදර මම පිල පිට     ඉන්නකොට
 මගුල් කාරයෝ ඇවිදින්            ඉස්සරට
ඇය් දැය් කියා අත පස්සට    ගන්නකොට
දොස් ගාලා වටුනය් හවරිය           බිමට

උදේ පටන් රෑ වෙනතුරු         දැඟලිල්ල
ආවා දිනක් කළු මාමා        හෙට්ටිපොල
බුලත් වලට කැව්වේ ගම්මිරිස්      කොළ
කළු මාමා පන්සල ළඟ          දැඟලිල්ල

කිතුලානේ මම පිල පිට      ඉන්නකොට
 රොටි උයා ගොඩ කරලා       කුල්ලකට
බෙදා හදා කමු කියලා       ඉන්නකොට
රොටි දුවය් කිතුලානේ පිල           දිගට 

ලමිස්ස්සියක් අවා අපේ            තවලමට
හදිස්සියෙන් ලුණු ඉල්ලුව      ගෙනියන්ට
හෝ ගඳ වැදුනි මගේ නාසේ පැලෙන්නට
වැඩියෙන් ටිකක් දීපිය ඕකිට        යන්ට

පිස්සා නොවේද ගල්පිට පැල්           බඳින්නේ
උකුස්සා නොවේද අහසේ           කෙලින්නේ
විශ්වාසෙට නොවේද ගැහැනුන් ගෙනෙන්නේ
ඉස්සන් පෙත්ත අය හැන්දට       නොඑන්නේ

කිරිල්ලියක් බා බා කී කරලා           පිට
ලමිස්සියක් කිරි දොවමින් එමින්      සිට
ගලක් අරන් ගැසුවය් මගේ      කම්මුලට
අයෙත් නොයව් මේ රාලගේ    ලියැද්දට

කළුවන් කළු  රුවය්  හිඳ ගොඩ      ලමිස්සියෝ
කළුවෙන්  කළු පාට  කම්බා         අඳින්නියෝ 
උනා වරල  පිට  මැද්දෙන්        හෙලන්නියෝ
කොන්ඩෙන් අඬ ගසති හිඳ ගොඩ  ලමිස්සියෝ

රම්මැණිකා  නුඹ  කාටත්  ගුණ           දාරී
විස්ස පිරුණු  කොල්ලෙක්වත්  ඇත    නාරී
වැස්ස පින්න  නොබලය්  රති කෙලි   කාරී
පස්ස නුඹේ  යකඩෙන්  තැනුවද        බාරි

කාම ජාති කන්නේ කඩදාසි          පිටින්
බීම ජාති බොන්නේ බොතල         පිටින්
සූදු කෙළින්නට යන්නේ අසුගේ    පිටින්
සූදු පැරද එන්නේ මොගේ කර      පිටින්

කවට  කලියුගේ  ඇතිවන             අඟනුන්ට
ලොවට  පෙනී  පෙනී  පිල්වල මන    දෙන්ට
අපට  බැරිය දුටු  දේ  නොකියා            ඉන්ට Obscene songs in sinhala (අසභ්‍ය කවි)

රුවට  නුඹේ  බැඳිලා විඳිනා           දුකිනේ
පිනට මා  මුදාලා  හැරියොත්          ඉතිනේ
යසට පෙර  විලස  වැඩ ඉන්ට දුනො තිනේ
ලඟට  වරෙන් මුල  සිව්කුරු දෙමි    ළඳුනේ

මං  එනකොට  ළඳේ  මාවත         ඉදිරිපිට
ලං කර  පියබඳේ  අඳි  වත ඉවත්      කොට
වම් අත  පිරිමැදෙ  රති  දිගු පෙනුණි    මට
දුං  ගැහැණුද ළඳේ   ඔයහැටි කළු        පාට

කල්ලි  ලෙසට  තිබුනිය ඇගෙ    අඩක්කන්
පල්ලි  කරගන්ට  නොලැබුණි පවක්   දැන්
සෙල්ලි  දෙතන කෙටුවා  වැනි  කුරක්කන්
ඇල්ලී  නැගිටලා තන  දෙක      මලක්කන්

කැට  දෙතනා  තදේ  දේ අතින් පිරිමැද්     ඩ
තුට  ලෙසිනා බඳේ  විඳ රූ  පසු වෙන්       ඩ
මට  සිතුනා  ළඳේ  දවසක එහෙ එන්        ඩ
මට .......නා නොදේ ගෙය් වහගෙන ඉන්  ඩ

ඔබිනා  ළඳ ලියනි  මෙමට              මුට්ටුව
වෙමිනා  මහද රත්  කෙරුවට ද       මට්ටුව
ලොවිනා  මන ගන්ඩ  කෙරුවට ද   මට්ටුව
....නා හිස  වනය් එලි  වෙන්න      කිට්ටුව

ආඩම්බර  කරය්  අප  දුටුවම           මැලිය
නාඩන්  කිය  කියා  මදනුගේ  බා  ලොලිය
පාඩන්  නැති බැවින්  තපසට  සිතු    ඇලිය
පාඩන්  කර ගන්න  වර ළඳ  රති   කෙළිය

ළඳ  ලිය තොප  වෙතේ  විසුමට වේනම් මට
කදලිය  වන  මැදට  ගිජිදෙකු  පත්   ලෙසට
බිඳලිය  සැව්ව  පොඩි  කර මදනගේ     ඇට
ළඳ ලිය  වැඩ  කරමි  තිට හෙට උණ  ගන්ට

රොස්  ගහගෙන  මොකද  ළඳුනේ නුඹ ඉතින
උස්  සහ කර  බැලීමි එක්  වෙන්නට     මාන
විස්  වහ කමක්  නැත  අවගති මිස        පාන
ඇස්  වහ වදිනවද  මම  බැලුවම            මුණ

රිසි  විලසා  දිලුන  රූපත්  නුඹේ      ඇඟට
පෙති  විලසා  ඉසුනි  ගෝමර  ළමැද     පිට
රුති  විලසා  දෙවියෝ  දුන්  පැන   බොන්ට
විසි  වයසා  තරුණ  මම  නරකද        දුවට

දස්ස  කමට  රති  මදනා  තෙද         පානා
විස්ස  පිරුණු  අඟනක්  දුටුවම       ඔබිනා
පස්ස  වන  වනා  සිටගෙන  කර     ගමනා
හොස්ස  ඉඹින්නටවත්  ඉල්ලය් .....     නා

ළඳ  ලියනේ   මකියන  බස්             අහනවද
අද  රෑ එන්නට   දොර  ඇරලා       තියෙනවද
කැකුළු  තන  දෙකෙන්  මගේ  ලැම තවනවද
රති  කෙළියෙන්  දෙවරක්  පින  වන      වාද

වලව්වේ  වත්තේ  ලිඳ  ළඟ  නාන       කොට
ගැලෙව්වේ හැට්ටේ තන දෙක පෙනෙන්නට
ඉලව්වේ  මෙකි  කල  මේ              විගඩමට
සෙලෙව්වේ ......                                යට

සන්දේ  ලප  ලෙසින්  අප  දවසැර      ඉන්ට
කඳේ  පිපුන  මල සේ  සෙනෙහේ   වෙන්ට
ඇඳේ  ඉඳන්  ආදර බස්              තෙපලන්ට
ළඳේ  මෙනුඹ  කියා  මට  දවසක      එන්ට
කොලුට  ඇති  සෙනේ නැත ලොකු පිරිමින්

 
Picture




    
     
      

"Theravili kavi" in sinhala. (තේරවිලි කවි)

කටු වානෙන් කෙටුවා වැනි කොලේ     සැටි
රතු නුලෙන් ගෙතුවා වැනි මලේ           සැටි
තුන් මස පිරෙනකොට කුකුලෙක් විතර ඇති
සාර මසට පැසෙනා ගෙඩි කියන           සකී                               (අන්නාසි)

අත්තේ පනත්තේ කොහොඹේ ලියක්   ඇතී
ඒකිගේ බඩේ දරු තුන්සිය හැටක්        ඇතී
උන්ගෙන් එකෙක් ඉරු දෙවියන්ට ජාත   කී
මෙතුන් පදේ තොරව්වොත් නුවන      ඇතී                                 (කොස්ගෙඩිය )

ඇත්ත අගින් සූවිසි මල             පිපෙන්නේ
නැට්ට ලඟින් කිරිවැදිලා          පැසෙන්නේ
ඇතත් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ
තොරපන් යාලු නුවනින්           බලගෙනේ                                (දෙල් ගෙඩිය)

එරන් කුඹේ පිට ඉන්නි              කියාගෙන
උනා නිල් වරල පිට දිග           හෙළාගෙන
කිරි ඇති දෙතන සළු හතකින්     වසාගෙන
තොරපන් යාලු නුවනින්            බලාගෙන                                  (ඉරිඟු කරල)

හිසේ මල් පිපි දරුවන් බඩ            වෙනවා
බඩේ සිටිද්දී දරුවන් කිරි             බොනවා
උකුලේ සිටිද්දී දැලි රැවුලත්             එනවා
මෙතුන් පදේ තෝරාගෙන බත්       කනවා                                   (ඉරිඟු )

රසය්  වසය් පල ගත්තේ එක         අත්තේ
රස ඇරලා ඇය් නුඹ වස කා          ගත්තේ
හෙට දවසේ පන යනවාමය්          සත්තේ
ඇය් බිම්මල් නුඹ මම දැන් සිප       ගත්තේ                                    (හතු)

කන්ද උඩු ගුවන ගස උඩ ලඳක්             ඇති
ගොල්ල සැවොම ඇවිදිල්ලා පවන්         සෙති
බෙල්ල එකය් එන ඔළුගෙඩි ගණන්       නැති
ලෙල්ල නැතිව බිම ඇනවන කෙනෙක්  නැති                               (පොල් ගස)

බෙල්ලෙන් ඇස් දෙකක් ඇති උගේ    යහතිම්මා
කකුල් දෙකක් ඇති උගේ තිර            සාරෙම්ම
තල්ලෙන් වැඩක් නැත කනබොන    කෑමෙම්මා
යන්තම් පණ රැකෙති දියවර             බීමෙම්මා                            (අඩුව )

උඩට යන කලට රංමල                         විහිදෙනවා
බිමට එන කලට අහුරට මදි                       වෙනවා
වමෙන් කරු දිදී මැද කරු සය්                    වෙනවා
මෙතුන් පදේ තොරව්වොත් මගේ අත ලේන්සුව දෙනවා                (කුඩය)

කඳු බැන්දත් බැරි ඒ ගොන් නවතන්      ඩ
මදු හැදුවත් බැරි ඒ ගොන් අල්ලන්        ඩ
තැනි බිම් වල නොසිටිය් උන් වල් කන් ඩ
තොපි දුටු ගොන් යන්නන් මුදට යන්    ඩ                                   (ගඟ)
Question (තේරවිලි  කවිය ) 
  1.   කටුවනම් කටුව සකී නුඹ දන්නවද
         කටුවනම් කටුව සකී නුඹ දන්නවද 
         කටුවනම් කටුව සකී නුඹ දන්නවද 
         කටුවනම් කටුව සකී නුඹ දන්නවද

2.   තලේ නම් තලේ සකි නුඹ දන්නවද  
      තලේ නම් තලේ සකි නුඹ දන්නවද  
      තලේ නම් තලේ සකි නුඹ දන්නවද  
      තලේ නම් තලේ සකි නුඹ දන්නවද  

3.   අහසේ තරු මනින කෙන්ඩිය         දන්නවද 
      මුහුදේ තරු මනින කෙන්ඩිය        දන්නවද
      පොළොවේ වැලි මනින කෙන්ඩිය  දන්නවද 
      අටවිසි බුදුන්ගේ මුත්තා               දන්නවද 

4.    අංචි අරු අහසේ කෙලිනවා        දුටින්
      පංච මුතු මැණික් බිම වැටෙනවා  දුටින්  
      අංචි පිඩාරන් අලයක්  අතට       ගනින්
      පංච ගීත අහපන් සකි වෙලට   ගොසින්

5.   උල් කටුවේ ඉස දුන් දෙවියෝ         කව්ද
     උල් කටුවේ කඳ දුන් දෙවියෝ         කව්ද
     උල් කටුවේ මුණ දුන් දෙවියෝ        කව්ද
     මෙවැනි උල් කටුව කරදුන් දෙවියෝ කව්ද

6.   බීමෙන් හොඳ බීම සකි නුඹ      දන්නවද
     දීමෙන් හොඳ දීම සකි නුඹ        දන්නවද
     බානෙන් හොඳ බාන සකි නුඹ   දන්නවද
     යාමෙන් හොඳ යාම සකි නුඹ    දන්නවද

7.  එනවා නේනවා  තෝරා  කියන්    මට
    ලුංඩි  කඩේ කඳ  තෝරා  කියන්     මට
    පංච නෙලුම් මල  තෝරා  කියන්    මට
    ලුංඩි පුරුෂයා  තෝරා  කියන්        මට 

8. ගෙය්න් ගන්න ගෙඩියේ නම දන්නව ද
   හිදෙන් ගන්න ගෙඩියේ නම දන්නව  ද
   රටෙන් ගන්න ගෙඩියේ නම දන්නව ද
   පිස්සි වැටෙන ගෙඩියේ නම දන්නව ද

9. උන් තැන අටය් සිටි තැන නවයය්     යාලු
    මුන් වතු තුනය් ගොන් තුන් දෙන කෑවාලු
    ඉන් එක පතක් ගොළු බැඳ          කෑවාලු
    අං විසි අටක් ඇති මිච්චෙක් මග      යාලු

10. උඩින් දුවන වී තෝරා එවාප       න්
      බිමින් දුවන තෝරා එවාප          න්
      ගම් මැද සිටින තෝරා එවාප      න්
      වෙල්වල පැසෙන තෝරා එවාප න්
* ඉහත ජන කවි උපුටා ගනු ලැබුවේ ස.ජ.සුමනසේකර ශුරීන්ගේ "පහල ඌවෙ ජන කවි "ග්‍රන්ථයෙනි Answer (පිළිතුරු කවිය )

කටුවනම් කටුව  ලිවුමට   උල්       කටුව 
කටුවනම් කටුව   ගැහුමට  ගිනි      කටුව 
කටුවනම් කටුව   මැහුමට ඉඳි         කටුව 
කටුවනම් කටුව  කුකුලගේ පොර   කටුව 

තලේ නම් තලේ වල් කොටන කැති    තලේ 
තලේ නම් තලේ උඩ විදින ඊ             තලේ
තලේ නම් තලේ ගොන් දුවන          මංතලේ
තලේ නම් තලේ තව එපිට             මාතලේ 

අහසේ තරු මනින කෙන්ඩිය විදුලි        දෙක 
මුහුදේ දිය මනින කෙන්ඩිය මකර          මුක 
පොළොවේ වැලි මනින කෙන්ඩිය උදලු දෙක 
අටවිසි බුදුන්ගේ මුත්තා ධර්ම                දෙක 

අංචි අරු අහසේ තරු          නොවෙය්දෝ
පංච මුතු මැණික් ලුණු කැට නොවෙය්දෝ 
අංචි පිඩාරන් බත් පිඩි         නොවෙය්දෝ 
පංච ගීත ඇටිකිත්තා           නොවෙය්දෝ 

උල් කටුවේ ඉස දුන්නේ             ඉස්වරයෝ
උල් කටුවේ කඳ දුන්නේ            කදවරයෝ
උල් කටුවේ මූන දුන්නේ           මුනිවරයෝ 
මෙවැනි උල් කටුව මට දුන්නේ  ගුරුවරයෝ 

බීමෙන්  හොඳ බීම  දෙතනේ කිරි          බීම 
දීමෙන්  හොඳ දීම  සතහට පින්              දීම 
බානෙන්  හොඳ බාන  කරබාගෙන       ඉඳුම
යාමෙන්  හොඳ යාම  සසරෙන් ගොඩ    යාම 

එනවා නේනවා වානේ නොවෙය්      දෝ
ලුං ඩි කඳ යකඩේ නොවෙය්             දෝ 
පංච නෙලුම් මල කම්මල නොවෙය්   දෝ
ලුං ඩි පුරුෂයා කැතිමිට නොවෙය්     දෝ 

ගෙය්න් ගන්න ගෙඩියේ නම කළ  ගෙඩිය
හිදෙන්  ගන්න ගෙඩියේ නම වං    ගෙඩිය 
රටෙන් ගන්න ගෙඩියේ නම සක්  ගෙඩිය 
පිස්සි වැටෙන ගෙඩියේ නම රහු   ගෙඩිය 

උන් තැන අට අට සීලෙ නොවෙය්          දා 
සිටි තැන නවය නව ගුණ වැල නොවෙය් දා 
මුන් වතු තුන තුන් සරණේ නොවෙය්      දා 
අං විසි අට අට විසි බුදු නොවෙය්            දා 

උඩින් දුවන වී ගිරවී නොවෙය්         දා
බිමින් දුවන වී හාවී නොවෙය්          දා 
ගම් මැද සිටින වී රදවී නොවෙය්       දා
වෙල්වල පැසෙන වී මාවී නොවෙය්  දා
කුඩල් විශාදි කියන ගුනනම්  වැටි හෙමමි නිදිවෙයි. බඩ ඉදිමෙයි. කටින් කෙල අද්දයි.  කට වෙයිලෙයි. ගමය මීට ඛෙත් නම් කලදුරු අල කොටා කරළුණු දියෙ කියන ලෙඩට ගුන කඩකඩුත්තු කරන්ඩ බැරිව සිටී ඉටසාල දෙනට නං නෙතාගේ පුළුස්සානු. ගොනාටත් එයම පුළුස්සානු. මීට බෙත් හිශ්ගහෙ පොතු මොරූ එක්ක පොවනු.
පොරුමාලිකියනා ලෙඩෙ ගුන බඩ ඉදිමෙයි මීට හැල්ලවලේ පුළු ඉස්සර බැද පුළුස්සානු.
මේ ඉස්සර පුළුස්සානු.
කදුරනොයි කියන ලෙඩෙ ගුන කුරග ඇවිදියි. මීට බෙත් කොහොබ ළුණු ද දළු මාදන් පොතු ළුණු අඹර තල අඹරා දියෙන් පොවනු. කොදමට  පුළුස්සානු.
සුරනොයි කින ලෙඩෙට වෙවුලයි. කටින් කෙල එයි මීට බෙත් වරා කොල යුසත් තල තෙලත් පොවනු. බඩ දෙපිට පිස්සුං පුළුස්සානු.
වෙක්කයි කියන ලෙඩෙ ගුන දියවර සෙම දුවඩාය. මීට බෙත් තල තෙළුයි දියකිරි මින්ද කොලත් ඇල් දියෙන් පොවනු. මීට පිළුස්සුම් මෙක සුලං ගශා හැල්ල වල දෙකෙ පුළුස්සානු.
කුඩල් වාදන් කියන ලෙඩෙට දියශෙපුංබයි  එළගි තෙල් මිරි ළුණු සුදු ළුණු පෙමුත්තක්කාඩි අඹරා එළගි තෙලෙන් පොවනු. සතර නඩෙ පුළුස්සානු. මුනේ පුළුස්සානු.
කුඩල් වාදම්ලෙඩෙ ගුන දියවර වගේ බඩගශානු. යෙයි බොරුවට තනලයි. මීට බෙත් මුට්ටුකොලයි කටුපිට කොලයි කොටිකමි බැබිල කොලයි මා බැබිල කොලයි මයිල් මානික්කපිපාක් කොට කඩ දියෙන් පොවනු. උගුර හරහා පුළුස්සානු. වං අනිශෙ හැල්ලවල පුළුස්සානු දකුණු ඉලෙ පුළුස්සානු.
කුරොටොට කියන ලෙඩෙ නමි බඩදිය බාගට බැරූව තටමයි ඔළුව වාට පුළුස්සානු. උකුණුවල සිට සර්‍වාංග පොල් අත්ත අංධාමට පුළුස්සානු.
කරැනොයි කියන ලෙඩෙ ගුන අමුමෙ හිටී මීට බෙත් කයිල කොලය තලය කිරි එක්කොට පොවනු මීට දෙයිලෙ පුළුස්සානු.
ගල්එරෙපපු ලෙඩෙ නම් නිතරම දිය බොයි. මීට කයිල කොල ඉස්ම එළකිරෙන් පොවනු. මීට පිලිස්සුම් දෙයිලෙ බුලත් අංදැමට පුළුස්සානු.
අල්ල මොක්කය කියන ලෙඩෙ ගුන අඩියෙන් අඩියට දිය බොයි.මීට බෙත් බින්තල් අලයි අමු නෙල්ලි ගෙඩියි කඩදියෙන් වත් මොරුදියෙන් වත් පොවනු. මීට පිලිස්සුම් ඉස්සර පස්ශර පිට දිග හිට පුළුස්සානු.
සුලනොදැල් කියන ලෙඩෙ ගුන බඩ ඉදිමෙයි කටින් දියවර අද්දයි සතර නඩෙ වෙවුලයි.මීට බෙත් වරා කොල ඉස්ම තල තෙලෙන් පොවනු. මීට දෙයිල පුළුස්සානු. බඩමැද පුළුස්සානු.
උල්මෙ දෙයිලෙ පුළුස්සානු.
උලකුළුමෛ කියන ලෙඩෙ නම් සතර නඩෙ පෙරලෙයි.යන්ට බැරුව හිමින් ගමන් යෙයි හතර කුරෙ මැද බැළුකෙට උල් අරමි තිබෙයි උල් අරම් පිට අරම් පිට අඟලක් දවැටඩෙන්ට පිට පුළුස්සානු.
තිරිමුල් කියන ලෙඩෙ නම් ඇග මයිල් ගැස්ශී සිටියි මීට කොඩ තෙල් ගානු
අනෙන් ශිලන්දි කියන ලෙඩෙ නම් ඉශ්ශරා අත ඉදිමෙයි මීට තෙල් ළුණු එක්කොට අබරා ඉදිමුන තැන ගානු නිවිති කොල ඉස්මුලූද එක්කොට පොවනු දෙයිල පුළුස්සානු.
ගුගෙකලංවෙරනන් කැරකිලා වැටෙයි. මීට අමු කහ ඉස්මය වද කහ ළුණුයි බත් කැදෙන් පොවනු.ඇගෙ ගානු ඇස් නොපෙනෙනවාට පිටත් අත්පොල පුළුස්සානු. පශ්ශා කකුලෙ නහර පුළුස්සානු.
මුන් අඩප්ප කියන ලෙඩෙ නමි ඉස්සර අතක ඉදිමෙයි. පෙරුම්කායම් හීන් දඹල කොල සමග පොවනු.
උල් අඩප්ප කියන ලෙඩ නම් නිතරමබ බුලත් කයි කටින් පෙනු අද්දයි හිට ගෙන නිදා වැටෙයි ළුණු මිරිස් ඉගුරු බෙත් වරා කොල ශෙන්ඩ තලතෙල් පොවනු. මීට බඩෙ පුළුස්සානු. තට්ටමෙ පුළුස්සානු.
මෙක්කය කියන ලෙඩෙ නං දියවර වාගෙ පුඩසිමි මීට බේත් තලයි තල තෙළුයි මොරු එක්කොට පොවනු.මීටම ඉල දෙක පුළුස්සානු.
පල්ලරත කියන ලෙඩෙ ගුනන
පල්ලරත කියන ලෙඩෙ ගුනනම් දත් ඉත් ඉට පය තන නොබලයි.මීට බෙහෙත් සුදුළුණු මිරිස් ඉගුරු කලාඳූරු අබර කිරෙන් පොවනු.
අල්ලතොයි කියන හරකාගේ ලෙඩෙ ගුනනම් අඩියෙන් අඩිය දිය බොයි ඇස් රතුපාට වෙයි.මීට බෙහෙත් බිංගල් ඇටයිමෙන් පොවනු. මීට පිලිස්සුම් හැල්ලවල දෙකමොචර කකුල් අකරාට පුළුස්සානු.
කුඩල් විසාදි කියන ලෙඩෙ නම් වැටෙ නැගිටියි.බඩ ඉදිමෙයි.දියවර අදදයි දුවනයෙයි හක්මම් කරයි.මීට බෙහෙත් කලාඳූරු හලයි කර ළුනුයි  දීකිරි මෝරුවෙන් පොවනු.  දෙයිලෙ පුළුස්සානු.
කුර රෝගෙට ගොරකය කර ළුණුයි කහයි සාල්මැස්සං ඔළුයි එක්කොට අබරා කකාරා ගානු.
කරදනොයි කියන ලෙඩෙ ගුනනම් ආරියගාහය මීට බෙහෙත් කොසබ දළු හින් ගහේ දළුයි දඹ පොතුයි කර ළුණුයි එක්කොට පොවනු. කන් දෙක ගාව පුළුස්සානු.
මුරනොයි කියන ලෙඩෙන් වෙවුලයි. කටින් දියවර අද්දයි. වෙන්නු එලඟිතෙල් නැලියක් කලදු කොට පොවනු. මීට ඉලෙපිට පුළුස්සානු. දකුණත් ඉලෙපිට පුළුස්සානු. මේක ගුනවෙයි.
උදර මැකකි සරකගෙ ගුන වෙලයි. මීට බෙහෙත් තල අබරා රඹුක්මද ඉස්මෙන් පොවනු. මීට දෙපැත්තෙන්  පුළුස්සානු.
නචිචකකුලි කියන ලෙඩෙ ගුන අඩියෙන් අඩියට දිය බොයි. මීට බෙහෙත් දීකිරි මෝරු කෝමරිකා හීන් දළු එක්කොට පොවනු. මීටම ඉලෙ පුළුස්සානු.
කදිර වලිප්පු ලෙඩ පැමිණි හරකාගේ ගුන නම් උඩ පනියි වැටිල වෙවුලයි. මීට බෙහෙත් හගිල්ලගෙඩියි එලවරා කොල ඉස්මයි ශින් දළුත් ඉස්මය තල කොලය තරමුත්ත්‍රය එක්කොට පොවනු. මීට සතර නඩෙ පුළුස්සානු. බඩ පුළුස්සානු. ඇහැවට පුළුස්සානු. කනවට පුළුස්සානු.
ප්‍රදමොක කියන ලෙඩෙන් මී මදුරූ ගතියට ගොමල්ලයි මීට කුරුබ ගෙඩියි තලය වදකහ අබර අළුප්‍රසුසාව ඉසමයි මොරුවෙන් පොවනු. මීට හැල්ලිවල දෙකම පුයරු පාදලෙ ප්‍රසානු.
කුඩලි විසාදි ලෙඩ කියන හරකගෙ ගුනෙන් කටින් දිය අදදයි සක්මං කරයි මීට කලාඳූරු අල කරළුණු මෝරු එක්කොට පොවනු. දෙයිල පුළුස්සානු.
සුලන්ති නොදැල් කියන ලෙඩ වෙම්හර වැටෙයි. මීට මහිරුස්සා කරළුණු කොට මොරුවෙ පොවනු. ෂතර ගානෙ පුළුස්සානු හැල්ල වල දෙකෙ බොකොල හයක පුළුස්සානු. කහයි සාල්මැස්සන් ඔළුයි එක්කොට අබරා කකාරා පොවනු.
කදිරා නොදැල් කියන ලෙඩ ආගරිගාහය මීට කොහොබ දළුයි හිග්ගහෙ දළුයි දබ පොතුයි කරළුණුයි එකට අබරා පොවනු. කදේකගාව පුළුස්සානු.
වුරනො කියන ලෙඩෙ වෙවුලයි. කටින් දිය අදදයි. මීට වර කොල ඉස්ම නල පොවනු. බඩ පුළුස්සානු. තටඇටෙ පුළුස්සානු.
පල අරනෙ ලෙඩ නම් දත්කයි ඉන්වාගෙයි තන නොබලයි. මීට සුදුළුණු මිරිස් ඉගුරු කලාඳූරු අල අබරා එලකිරෙන් පොවනු. ෂතර ගාතෙ පුළුස්සානු.
අමිහින්වායියට කුඩු මිරිස මුරුගා මුල් බින්තාල්මල් ඉස්මින් අබරා සලනු ඇගශානු මුරුගා පොතු යුශ ගා ඌතසනයට බටුකරවල බුටුකර කුඩු මිරිය පොතු අබ මුංඇට තතනාරං අළු මාදං ඇට මෙකී දෙය එක්කොට හිගුරුපට ඉසිමෙන් නස්න කරනු වතු සුද්දමල් නස්නයක් කරනු. නදින මිරිස් කොල ඉස්මත් නස්න කරනු සරපයන්ඩ යහපති.
නාසයෙන් ගෙඩ දියළුයි ඇස රතුපටයි. තල්වරවෙප්පුවයි. මීට නිදිකුබ නිවිති ඇට අමුක්කර මුදද පපලය මුළුයි තැබිලි ගෙඩියයි දොඩං රෙනු පතයි  රසකිද හිනි ඉටි ෂාල් සධිගුරු කපු කොල මෙකී දෙය එක්කොට පානු දියෙන් අබරා පොල් දියෙ දෙනු.
කටු ඉබුල් පොතු යුසයෙන් දෙනු.  විරේකයට උණු දියෙන් දෙනු. මෙ ලෙඩට බෙහෙතින් යහපති.
ඇග ලෙපළු ගැහෙයි වෙවුලයි. මීට වැල් මී අරළු ඇට බදුල ඇට තුබ මුල් එළකිරි පතය ගෙන අබරා කූර මුල් යුෂයෙන් පොවනු.  ඒ එරබදු මුල් යුසයෙන් පොවනු. කටින් ගොම දමයි දුගඩෙ වෙප්පුවයි පිලිස්සු බඩ දැතු.
අනෙ පැබර පුල්ලි කියන මේ හරකගෙ ගුනනං බඩ ඉදිමෙයි. ගොමලය රෙවෙයි කටින් කෙල පෙරෙයි රොබු වැගිරෙ මීට පිලිසිසුන් හැල්ලිවල දෙක  මීට බෙත් හා අට්ටික්කා කොලාකාවඹය කඩ දයෙන් අබරා එම දියෙන් තුන් උදෑහනක් පොවනු.
වෙප්පු ලෙඩ හරකගෙ ගුනනං අවුවෙ හිටි දත්කයි. බුලත් නොකයි. මීට ඉලදෑලෙ පුළුස්සානු. මීටම වදකහ දෙකලදය සුදුදුරුකලය  අබ කලදය ළුණු පලමය ඉගුරු දෙපලමය මෙකී දෙය එරමිය කොල ඉස්මෙන් අබරා එවමෙන් කලත්තා පොවනු.
තැබු කියන ලෙඩෙ වෙච්චි හරකාගේ ගුනේ නං මිට කද දිරබය පස්සා කකුලෙ හුනුකුරු හන්දිය ඉදිමෙයි. මීට කද දෑලෙ පුළුස්සානු. මිනොලියට ගල වැලි ගෙන ගසශමුලශගහෙ බදිනු. යහපොති.
අයුලි කියන ලෙඩ ගත්තු හරකගෙ නලෙ පුළුස්සානු. මීට බෙත් අට්ටික්කා පොතු කිතු පොතු  කොට දිය මුසුව ඉශ්ම ගෙන එලගිතෙලෙන් කලතා පොවනු.
තාමනො කියන ලෙඩෙ ගත්තු හරකාගො ගුනෙන් කට කෙල පෙරයි අමු මෙහිටිකතනමසිට් කෙල පෙරයි. දිව එල්ලී එරමිනි කටුවෙ දිව ඉර ලෙ ඇර ළුනු කැටිති සුදු ළුණු අබරා දිව ගානු. යහපොති මීට පිලිශ්ශැ කෙඳද දිග හැලවල වැටෙඩ පුළුස්සානු.
උඩු දනක් වතුරෙහි දටින්  එල හරකගෙ මීට බෙතනන් තුඅවුරුදු සියබලා පොතු ගිය මිරිස් කපොල් දියෙන් අබරා පොවනු. මීට පිලිශැන් ඉලෙ දිග දෙයිලෙ පුළුස්සානු.
කටිල් කියන ලෙඩ වෙචිච හරකගෙ ගුනෙන් ලෙ වැටෙයි. බුල්ලනොකයි ගම නොයෙයි. මීට බෙත් කරකොල ගහෙ මුවද කහ ළුණු ඉගුරු උණු දියෙන් අබරා එම දියෙන් පොවනු. කොද දිග හැල්ලාවලම පුළුස්සානු.
උඩු දත්කාදියරෙ හිටිනන් ලෙඩ හරකය මීට බෙත් තුන් අවුරුදු සියබලා පොතු ගිය මිරිස් කස පැන් දියෙන් අබරා පොවනු මීට පිලිසු ඉලෙ දිග දෙයිලෙ පුළුස්සානු.
මුඩි කියන ලෙඩෙ වෙච්චි හරකගෙ ගුන උඩ නෙබලයි උඩ බල එ අතට යෙ කුඩ කඩුත්තුකරෙපටයි මීට බෙහෙත් බිං තැබුරු පෙනෙල කොල ඉස්ම එඩරු තෙලෙන් පොවනු මීට ඔළුවෙ මුදුනෙ පුළුස්සානු. මීටම බඩෙ පුළුස්සානු කටින් ගොම දමනවට බඩ දෑලෙ පුළුස්සානු.

තලතෙල් පොවනු

සුලා විසාදි ලෙඩෙ නමි නිතරම ගොමලයි ඇග මයිල් ගැස්සී සිටී බඩ පෙපී තනනොබලයි. මීට අරළු නෙල්ලි සුදුළුණු එක්කොට අබරා එලඟි තෙලෙන් පොවනු මීටම ඉලෙ පුළුස්සානු.
සද මොක්ක කියන ලෙඩෙන් සිදමුත් ගොමත්ලයි තන නොබලයි. මීට පරන සියබලා මද කරකොල තබ ගෙන අබරා මොරුවෙ පොවනු දකුනෙ පුළුස්සානු වටෙ පුළුස්සානු ඔළුවෙ පුළුස්සානු.
පෙරු මොක්කය කියන ලෙඩෙ නමි තන නොබලයි. නිදි වැටෙ ලෙපුබයි මීට බිතුල්ල අලයි අමු නෙල්යි පොල් මළුය සුදුළුණු මිරිස් එලගි තෙල් එක්කොට අරකඩි දියෙන් දෙනු දකුණු ඉලෙ පුළුස්සානු වන් ඉලෙ පුළුස්සානු ඛෙලෙ පුළුස්සානු කොදෙ පුළුස්සානු ෂතර නඩෙ පුළුස්සානු ඔළුවෙ පුළුස්සානු උගුරෙ පුළුස්සානු.
සිලප්පු ලෙඩෙ නන් නිතරම හති කකියයි ඇවිදී මීට ඔළුවෙ පුළුස්සානු දෙයිලෙ  පුළුස්සානු.
උල් අඩප්ප කියන ලෙඩෙ වෙච්චි හරකට ලෙඩ නන් කටිපෙනහළු වැටෙ නිදි වැටෙයි. මීට ළුණූ මිරිස් ඉගුරු වද කහ පෙරුකයා රසකිඳ මෙ හැම අබරා පොවනු. ඉලෙපිට පුළුස්සානු හතරනඩෙ පුළුස්සානු.
කොදියක් කියන ලෙඩ ඇස් දෙක ඉදිමෙයි. මීට පිලිස්සුන් ඇහැවට පුළුස්සානු මොහොරවට පුළුස්සානු.
වදම් පැමිණි සරකගේ ගුන් ශතර ගාතෙ ඉදිමෙයි ශතර නඩෙ වලිගෙ උඩ මාලැග උඩ ගන්ඩ බැරි. මීට බෙහෙත් පෙරුකයන් සුදුළුණු වදකහ කොමරිකා ඉස්මෙන් පෙවනු.
ඉරත්නසිලාදි ලෙඩෙ නන් සියලූ සර්‍වාංග ගෙඩි ගැහෙයි එවුවැයි ලෙ එයි ඇගට ඉල් ගැස්සී හිටියි. මීට කුකුල් බිත්තරයි අවර කොලයි අබරා ඇගෙ ගානු මීටම රබුක් පැණින් තලාකොල ඉස්මත් එලකිරිත් පොවනු මීටම සුබස් දළු අබරා තුන් දවසක් ඇග ගානු.
පුමාරිනොයි ලෙඩෙ නන් තැළුවන් නොනැගිටී වැටිලා නිදිවෙයි. මීට සියබලයි හතුයි සුදුළුණු වදකහ එක්කොට කඩ දියෙන් පොවනු තල කොල ඉස්මෙන් කට තවනු වම් ඉලෙ පුළුස්සානු දකුණු ඉලෙ පුළුස්සානු.
කට ලෙඩ වෙචිච හරකගෙ ගුනනන් කටගද ගසයි කටින් දියවර අදදය. මීට නෙල්ලි පොතුය තලා කෙලිත් කොටා තමර කියන ලෙඩෙ නන් කාපු කෑම පචිච්යන් නැතුව පරන වෙලා කැටුව කැටුව ගෙමලයි හය නොලයි මීටම ඉලෙ පුළුස්සානු උගුරෙ හරහට පුළුස්සානු.
කුඩල් විකෙක කියන ලෙඩෙ නම් දියවර වාගෙ බඩ ගසාන යෙයි. මීට බෙහෙත් මාබැබිල කොල කොටිනකම් බැබිල අනොද කොල කැලිය කොල කෛල කොල කඩ දියෙන් වත් දීකිරි මොරුවෙන් වත් පොවනු හැල්ල වල පුළුස්සානු ඔළුවෙ පුළුස්සානු.
කල්නොයි කියන ලෙඩෙ නම් කුර ඉදිමෙයි. මීට බෙහෙත් කරළුණු දියෙ මිත්තා අබරා ඉදිමුනෙ ගානු එක්කොට පොවනු ලැපැත්තේ පුළුස්සානු.
අල්ල මොක්කය කියන ලෙඩෙ නන් ලපැත්තේ ඉදිමෙයි. මීට අබරා තෙල් නැලියක් පොවනු දෙයිලෙ පුළුස්සානු.
සුලන්පු කයිල කියල ලෙඩෙ නන් මැලිය පෙරලෙයි මුන වෙවුලයි වට කැරකෙ කරදැලෙ පුළුස්සානු. කුකුරුමහත් ගෙඩි පල්මානික්කන් ළුණු කැට දත් ඇට එකට කොට දිවෙ ගානු පොමඩ මුරුංගා පොතුය ළුණු අරනා පොතු කොලයි කරදපොතු මෙ බෙහෙත් කොට ඉස්ම මිරිකා උණු දියෙන් පොවනු. මීට පිලිශ්ශන් හැල්ලාවල දෙකයි කොඳදිගට පුළුස්සානු පෙරවත් දෙකටයි පුළුස්සානු බොලටෑ පුළුස්සානු පපුවෙ දිගට පුළුස්සානු ඔළුවෙන් වට පුළුස්සානු.
නාක්කල් කියන ලෙඩ වුන හරකගෙ ගුන නන් බඩ ඉදිමෙයි කටකෙල පෙරෙයි. අත පයයි කුලූහෙර අත් පතුලෙ හිටි ඇල පිට දෙක දෑලෙ පුළුස්සානු අල්ලවායි කියන ලෙඩ ගුනනන් ලෙහුලිප් වෙයි කංපොතු කඩඑලයි  කට අය හිටි කබ පෙරයි. මීට බෙහෙත් පෙනලාකතය ඉස්ම නැලියයි ගෙන තලතෙල් නැලියයි හදුන් දෙස්සක පමණ ගෙන තනකිරි මේවා තුං කලතා පොවනු.
කීබුපුං කියන ලෙඩෙ නම් කිබිහින කොට රෙබු කෙප්පි පිහිට්. මීට පිලිශ්සුනන් නං ඇටයෙ පුළුස්සානු.
නමක්කායි ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං ලැමඩිය ඉදිමෙයි ඉලෙ දිගෙ රොබු කෙලිං හිටියි පස්සා කකුලෙ හුණුකූරු හංදිය ඉදිමෙයි. මීට පිලිශ්ශැන් ඉලෙ පිටයි මීට බෙහෙත් අට්ටික්කාපොතු කොහෙබ පොතු නික පොතු කොටා ඉසුම කාඩියෙන් කකාරා ඉස්ම නැලියකුත් ගෙන පොවනු.
සනකිරි ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං ගොම රස්නෙ තිබෙයි හතර ගාතෙ පෙකෙනියෙ මැස්සො වහත් ගඳ ගසයි. මීට පිලිශ්සුන් ඉලෙ දිගෙ පුලූස්සානු.
කරිංකාල ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං දත්කයි. මීට පිලිශ්සුම් ඉලෙ පිටයි කළුදුරු දෙකලඳය වදකහ දෙකලඳය අගුනකොල ඉස්මෙන් තුන් උදයක් දෙනු.
තාල් ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං ඉස්සර දිශාව වකුටුවෙයි කිබුනුයි. ඉට කාටු ඉලෙ පුලූසුසානු.
ඇත්පෙරුංපුලයා ලෙඩ වෙචිච මී හරකගෙ ගුනෙනං බඩ ඉදිමෙයි ගොමදමන්ඩ බැරි කටින් කෙල පෙරෙයි රොබු වැගිරෙයි. මෙ ලෙඩට පිලිස්සුම් හෑල්ල දෙකයි. මීට බෙහෙත් අට්ටික්කා පොතු කොටා කාඩියෙන් අබරා එම දියෙන් නැලියක් පමණ පොවනු තුන් උදයක් දෙනු.
තැබු කියන ලෙඩ වෙචිච හරකගෙ ගුනෙනං කද දිරා බසී පස්සා කකුලෙ හුණුකූරු හන්දිය ඉදිමෙයි මීට පිලිශ්සුන් දෑලෙ පුලූස්සානු අල්ලි මුගුනණුවැන්න කිකිරිඳිය දෙහිගැට කෛල කොල පොතු ගැඩුම පොතු කැකුළු හාල් පානු තල එඩරු තල තෙ එක්කර දෙනු.
ඛෙලිමුල් බැබිල මුල් පගුරු මුල් නික මුල් කුඩු මිරිස් මුල් කුබුරු මුල් ඉරමුස මුල් ඉදිබොඩ කිතුල් බොඩ රබු බොඩ පුවක් බොඩ තැඹිලි පොල්මල් දෙහිගැට දොඩංගැට දෙහිමුල් දොඩං මුල් කැකුළු හාල් පනුවෙ දෙනු උරුවෙඩ තබා දෙනු.
ලමා වශ්ශනේන කටෙ ලෙඩට කුකුළු බිත්තරය වැල් කහබිලිය දළුයි ලූණු මිරිස් වදකහ එක්කොට පොවනු. එලකිරි පෙකනිය වට ගානු ලග දෙවනද හරකාට එක ඉලෙක්  පුලූසුසානු ෂතර නඩෙ මැද පුලූස්සානු ඇහැවට පුලූස්සානු වන් ඉලෙ පුලූස්සානු එජ කකුලෙ පුලූස්සානු.
කුන්ඩි කියන ලෙඩෙ නම් අඩියෙන් අඩියට නිදිවෙයි.  කඳූළු වාසියි මීට සුදු රෙද්දකින් ගසාමා
ඉලෙ මානෙල් මල අකාරට සුලෙන් පුලූස්සානු.
කොලි කියන ලෙඩෙ නම් නිදියන ඉදියි ඔලූව බිමට එල්ලාන හිදියි. මීට කොසබ තෙල් අමු වදකහ එක්කොට නස්නා කරනු.
තෙලෙරු කියන ලෙඩෙ නම් නිතර කකුලක් කොරවෙයි  කුරෙ ඉදිමෙයි. පාවට්ටා කොලයි ගැටතුබ කොලයි එකොට නශ්න කරනු.
කුරෙට්ට කියන ලෙඩෙ නම් කටිනුත් නාශිනුත් හොටු අද්දයි. කුප්පමේනියා කොලයි සුදුළුණුයි එක්කොට නස්න කරනු.
කුන්ඩි කොන්ඩාය කියන ලෙඩෙ නම් නිදියමින් පොලො බිමඳමයි. තන නොබලයි අංද මංද වී සිටියි පුරුක්කොල අබරා කාඩියයෙන් පොවනු.
පොරුවෙයි කියන ලෙඩෙ නම් බඩ ඉදිමෙයි අවුවෙ ඉදිමෙයි.මීට ඉදිමුමට පුලූස්සානු. මීටම මමිමුරුවට කහ පෙනලය එක්කොට අබරා පොවනු මීටම පපුවෙ පුලූස්සානු.
කුඩල් විසාදි කියන ලෙඩෙ නම් ගොම එක්ක බඩ වැටෙයි. මීට බෙහෙත් හිග් ගහෙ පොතුයි අමුකහ අමු නෙල්ලි එක්කොට අබරා කඩදියෙන් පොවනු.
වෙප්පු කියන ලෙඩෙ නම් දඩබඩ ගැවිල්ල පිසසාමාගෙ සිටී. මීට බෙහෙත් කුකුළු බිත්තරයි වැල් කහබිලිය කොලයි වද කහ එක්කොට අබරා පොවනු.
කල්ලකොයි කියන ලෙඩෙ නම් කට ඉදිමෙයි කටින් ඔත්ත්‍රදදයි සතර නඩෙ වෙවුලයි. මීට බෙහෙත් මාර කොල ඉස්මත් තලතෙල් එක්කොට එලකිරිත් පොවනු.
ශිරඳූම්ඉහිච්ච කියන ලෙඩෙ නම් කං බෙහෙත් ඇසල කොලයි නෙළුම් මළුයි නෙල්ලි ගෙඩියි දෙහි ඇබුලෙන් අබරා ඇග ගානු.
පිරියත් කියන ලෙඩෙ නම් සර්වාංග ඉදිමෙයි. මීට බෙහෙත් දෙමලින් පාකර්‍කනිඩම් කඩ දියෙන් පොවනු දෙයිලෙ පුළුසුසානු.
උල් අඩප්පා කියන ලෙඩෙ නම්  ඇග මයිල් ගැස්සී සිටී කටින් දියවර අදදයි හිටගෙන නිදි වැටෙයි. මීට බෙහෙත් මිරිස් අබරා තල තෙලෙන් පොවනු. අට්ටික්කා ඉස්මයි අවර කොල ඉස්මයි එක්කොට පොවනු බඩ මැද පුළුස්සානු ගුනවෙයි.
මුන් අඩප්පා කියන ලෙඩෙ නම් පොල් කිරට තෙල් එක්කොට පොවනු. ඉලෙ දෑල පුළුස්සානු.
වෙවුළුම් ඇති හරකගෙ ගුනනම් දියවර වශී ඇග මයිල් ගැස්සී සිටී තන නොබලයි. මීට බෙහෙත් තලයි කෛයල කොලයි  අබරා කිරෙන් පොවනු මීට දෙයිලෙ පුළුස්සානු.
මදම් කියන ලෙඩෙ නම් සතර නඩෙ ඉදිමෙයි. හිමින් අඩිය තියයි. මීට බෙහෙත් ළුණු අරන කොල ඉස්ම එළකිරෙන් පොවනු. මීට ෂතර නඩෙ කැනින් පළු ෂතර සොලොසක් පුළුස්සානු. මෙයට දෙයිලෙ පුළුස්සානු.

පොත් ‍අංක 25 හරක් ‍‍වෙදකම

ලිපි සුචිය
‍‍‍පොත් ‍අංක 25 හරක් ‍‍වෙදකම
හරක් ‍‍වෙදකම ඉතිරිය
සියළුම පිටු
ගොම කටින් දමනවාට ඇහැළ මුල් ලිකොල වැලෙ මුල් මිසආරි ජයපාල තන හැලෙන් කැඳපිටි දෙනු  යේස්වග තෙල්මතුරමතරයි ඔනලි අංක පිලි තලිතලි එස් වහ.
ගොම විදින හරකට ඉරිය පොතු නුග පොතු තිබිරි පොතු ඉදිබො ඉස්ම ගෙන වහතැල් කොල අබ දමා දී කිරි එක්කව උරදවෙන්ට නිය කකර පොතු.
මුන්වුක් කන්ලෙඩ නම් කකුලෙ කලන නොයිල් ලෙඩෙ ගුන ශතර නඩෙ කොරවෙයි මින් කුන්දු ගශා ඇවිදියි. නිය පොතු වැටෙයි. මීට ඉල දෑලෙට සුළුසානු. මීට ශතර නඩෙ ගිරා කැත්ත අංදමට පුළුස්ශිනු.
කරනොයි කියන ලෙඩ අද බලලා හෙට බලන කොට කෙචිච වෙයි . ඉලදෑල මීට පුළුසුසානු.
තෙනනොන් කියන ලෙඩෙ ගැන ශැමදාම කකුලක් කොර ගසයි. කුර ඉදිමෙයි. වරුපාගමට පුළුසුසානු.
පෙරුමලි කියන ලෙඩෙ ගුනට මරින් බිලිග මංතයයි. මීට පිළුස්සුම් ඇහැවට පුළුස්සානු. මෙහොරෙවට පුළුස්සානු.
පොරුමලිය කියන ලෙඩෙ ගුන බඩ ඉදිමෙයි. මීට පිලිස්සුම් බෙල්ලවට පුළුස්ශානු. හැල්ලවලපල් දෙකෙ පුළුශ්සානු.
කදරා නොයි කියන ලෙඩෙ ගැන ආගිරිගායි. මීට බේත් නම් ධබ පොතුයි කොසඹ දළුයි හීග්ගහෙ දළුයි ලූණු එක්ක  කොටා පොවනු. කර දෙක වට පුළුස්සනු. ශර නොයි කියන ලෙඩෙ ගැන වෙවුලයි කටින් දියවර අද්දයිත  මීට බෙත් වරාකිරි තලතෙළුයි එක්කොට පොවනු. බඩෙ පුළුසානු තට්ටමේ පුළුස්සානු.
කුඩල්වදම් කියන ලෙඩෙ ගුන බඩ ඉදිමෙයි මීට බෙහෙත් තෙල් මිරිසු ළුණුයි මල් බැබිල කොල ඉසමෙන් පොවනු.
පල් අරනොයි කියන ලෙඩෙ ගුන දත්ඉත් ඉට මැහි තන නොබලයි.  මීට බෙත් මිරිස් ඉගුරු ළුණු අමු නෙල්ලියි එක්කොට අඹරා දීකිරි මොරුවෙ පොවනු මීට ඉලදෙක පුළුස්සානු.
සුලන්තී කියන ලෙඩෙ නන් බඩ ඉදිමෙයි. කටින් ඔත්තයෙයි.  කට ගද ගසයි. ශතර ගාතෙ වෙවුලයි. මීට බෙත් කුකුළු බිත්තයි තලතෙල් මුන්නෙරුත්ති එක්කොට පොවනු. දෙයිලෙ පුළුස්සානු.  බඩෙ පුළුස්සානු.
උල් කෙක් කියන ලෙඩෙනං ඇගමයි ගැශ්ශීම් දියවර අදදයි. තන නොබලයි. මීට බෙත් තල අඹරා තලතෙල් පොවනු. මීට දෙයිල පුළුස්සානු
ශදඩක්කෙ කියන ලෙඩෙ නං විශ්වුන ගොමත් යයි. මීට බෙත් ඇතුතුබ දී කිරි මොරුවෙන් පොවනු. දෙයිල පුළුස්සානු.
කිරිනෙදල් කියන ලෙඩෙ නං දුව ඇවිදියි. ධිරධීර යෙයි. තන නොබලයි. බඩෙ පනුවොයි. මීට ඉදිගෙඩි කොට කොටි කපුවක් ලෑලි ගා එළකිරි මුට්ටියක් ගෙන පලමු කී ඛෙහෙත් කිරට දමා දවසක් වැරූ වෙන්ට තබා උදය පොවනු. නඩෙ පුළුස්සානු.  මීට පිලිස්ශම් මුත්‍ර ලෙ පුළුස්සානු.
ඉසශර අතෙ පත්ත පිට පුළුස්සානු. පශ්ශ දෙගාත පත්ත පිට පුළුස්සානු.  පපුවෙ පුළුස්සානු.
බඩෙ පුළුස්සානු. පිට පුළුස්සානු.

‍‍‍පොත් ‍අංක 07 හරක් ‍‍වෙදකම

හරක් වෙදකම - පොත් අංක 7
ගල් ඉරුප්පු කියන ලෙඩ ගුන මුත්ත්‍රා පැන් අඩි ශශිකොට ඉද ඉදලා මුත්ත්‍රා පොත් කඩා වැටෙයි. මීට බෙත් නං කෝමාරිකා ඉස්ම කිරෙන් පොවන මීට පිලිස්ශුම් තට්ටමෙයි බඩ මැදයි තුන තුන පුළුසානු. පල් අරනේ කියන ලෙඩ ගුන පශ්ශාට පාහුවෙයි. දත් කයි. මීට බෙහෙත් නං ළුනු මිරිශ් අබර ඉගුරු මුත්තක්කාශි අබ රානාරාමුතාපැගෙන පොවනු ඉශවට පුළුශ්ශනු මුඩ විසදි කියන ලෙඩ නම් බඩ ඉදිමෙයි. මීට බෙත් දෙමලින් වෙලිප්පාරිත්තය කොල ඉස්මයි වදකහ සාළුනු ඉගුරුයි කළු කටරො පුළුස්ශනු. සිදමොක්කෙයි කියන ලෙඩනන් සිද මුත් ගොමත් වැටෙයි. මීට තුබ කොල ඉස්ම මොරැදියේ පොවනු. හැල්ලා වල පුළුස්ශනු. කුඩල් විසාදි කියන ලෙඩ නන් වැටී නැගිටි බඩ ඉදිමෙයි. කටින් දියවර අදදයි දවසින් දවසට කාෂ්ට වෙවුලයි. මීට කොමාරිකා ඉස්ම ළුනු එක්ක කොටා පොවනු.දෙයිලෙ පුළුස්ශනු. කරුනොයි කියන ලෙඩ නම් දියවරෙ වැටෙයි නැගිටියි. මීට මොරු ලූනු තලයි පොවනු. එළුම්භුරාක් කියන ලෙඩ ගුන ඇශ් රත් වී තියෙයි බිම වැටෙයි. මීට බෙත් කොවක්කා මුල් ඉස්ම පොවනු. උගුරෙහිට පපුවට මොහෙරෙ මැද පුළුශ්සානු.පෙරාමල් ලෙඩනු බඩ ඉදිමෙ.මීට හැල්ලා වලද දැලෙ පුළුස්සානු. මීටම බෙල්ලද පුළුසුශානු.මොක්කයි කියන ලෙඩ නම් තලයි තෙළුයි පොවනු. මීට පිලිශුම්.කුඩල්මාදම්මා ලෙඩ නම් බඩ ඉදිමෙයි. මීට තෙළුයි ලූනු මිරිස් ළුනු එකෙකා වැල් බැබිල කොල ඉස්මෙන් පොවනු. ඉලෙ පිට පුළුස්ශනු. සුලනොදැල් කියන ලෙඩ නම් බඩ ඉදිමෙයි. කටින් දියවර ඇද්දයි. හතර නඩෙ වෙවුලයි. මීට බෙත් වරා කොල ඉස්ම තල තෙලෙ පොවනු.ඉලදෑලෙ පුළුශ්ශානු බඩ මැද පුළුස්ශානු. උල් මොක්කේ ලෙඩ නන් බඩ බදිමෙයි.කටින් දියවර අද්දයි.තන නොබලයි.මීට බෙත තල අබරා තෙලෙන් පොවනු. දෙයිලෙ පුළුස්ශානු.
මෙරුක්කෛ ලෙඩ පැමිනි සරකාගේ ගුනෙන් වෙලී වචී වැරටි වාගේ ගොම ලයි. එගොම ගද ගසයි. බඩින් ලෙ වැටෙයි. මීට බෙහෙත් හිග්ගහේ පොතුයි අරළු ගෙඩි දහයයි දී කිරි මොරුවෙන් පොවනු. මීට මා ඉලෙ පුළුස්ශානු. පොරුමැයි කියන ලෙඩනං දෙයිලෙ ඉදිමෙයි. මීට එඩරු තෙල් වක්කර ළුනුයි අබරා කාඩි දියෙං පොවනු. මීට දෙයිලෙ පුළුස්ශානු. පෙරැශිලන්දී පැමිනි සරකාගෙ ගුනත් තුන් ඇට සදිය ඉදිමෙයි. මීට වැල් බැබිල කොලයි කුබල්ගෙ මැටියි සුදුළුනු වදකස දීකිරි මොරුවෙන් අබර නර මුත්තරාවෙ පොවනු. මීටම දෙයිලෙ පුළුස්ශානු. පෙරුවලි කියන ලෙඩ නම් යමින් හිට මවාරින් බලයි.මීට ඇවට පුළුස්ශානු.
වත්තුනුතුක්ඩු කියන ලෙඩ ගුන දියවරෙ හිටියි. මීට දියවර උනු කර පිට මැද වියතුර බලා වක්කරනු. ශේටි කියන ලෙඩ ගුන ඇස් බැදෙයි. මීට පිලිශශු ඇහැවට පුළුස්ශානු.බෙල්ලවට පුළුස්ශානු. මොහොරවට පුළුස්ශානු. මුන් ආඩප්ප ලෙඩ නං මා ඉස්සාර ඉදිමෙයි. මීට පිලිස්සුම් ඔළුවෙ පුළුස්ශානු. තාල් අඩප්පන් කියන ලෙඩ ගුන ඔළුවයි ඛෙල්ලයි ඉදිමෙයි. මීට පිිළුස්සුම් මීටම නස්නා බෙහෙත් කොසබ දළුයි කිබුල් ගුයි ළුනුයි වදකහයි එක්කොට අබරා ඇසටයි කනටයි නහෙටයි නස්න කරනු. පි අඩප්පනං කියන ලෙඩ නං පස්ස ඉදිමෙයි. මීට පිළුස්සුම් ඉස්සා මුලියි ගැට තුබ කොලයි පිහා කැස්සුගුයි ළුනු වදකහ එක්කොට වං අංසේ ඇසටයි කනටයි නාහෙටයි නස්න කරනු. මොක්කයි කියන ලෙඩෙ ගුන ඇගම ඉල් ගැශ්ශී හිටියි. කටින් දියවර අද්දයි. එළු‍බෙටි වගේ ගොම දමයි. කුඩල් මොක්කයි කියන ලෙඩෙ ගුන එළුබෙටි වගේ බෙටිත් දියවරන් බඩිම් වැටෙයි. එවුවා ගද ගසයි. මීට බෙත් මශට්ට කොලයි කටුපල කොලයි වවන තැල් කොල්මලයි මෙකී බෙත් එක්කොට කොට සිදියෙ පොවන් මොරු වෙවත් පොවනු.දියවර නෙදි නොපාගා හෙවනෙ ගැට ගහනු. කුළුවෙච්චි හරශාදි ලෙඩ පැමිනි ශරකාගේ ගුනනන් සතර නඩෙ තල්ලමි බාරු වෙයි. ඇග වේලෙයි. කකුල් සතරෙ එකක කුඋල් ආරාවක් නඛෙයි එඋල් අරමට කටුවක ගසා ලෙ ඇර ශුරුටු කුලෙන් අගුලක් පුළුස්සාලනු.ඉලප්පන් ලෙඩ පැමිනි ශරකාගේ ගුනෙ හැම විටම හති කකියයි. ඇවිදීමට කොල්ළු දියට දමා ඌරු මෙන්ඩ තබා එඩරු කොල ඉසිමයි ශිවලාගේ මාංසෙ තම්බා ඉස්ම එක්ක දෙදවසක් පොවනු. ශිදනොයි ලෙඩ පැමිනි සරකාගේ ගුන තටම බඩදිය බායි. ඔළුව වෙවුලයි. තරාමෙල ශිටියි. මීට සතර නඩෙ පුළුස්සානු මඉලෙ පුළුස්සානු තිරමුල්ලි විසාදි ලෙඩ නම් ඇග මයිල් ගැස්සී සිටියි. මීට පිටෙ එළඟි තෙල් මදිච්චි කරනු ගුන වෙයි. අනේ එචිලන්දි ශරකාගේ ගුන ඉශ්ශර අත ඉදිමෙයි. මීට එළඟි තෙළුත් කරපානුත් අබරා ඉදිටුමෙ ගානු. අසලෙඩ නම් හිඟරා වැටෙයි. මීට බෙත් හිරුස්සයි කරළුනුයි කොටා මොරුවෙන් පොවනු. මීට සතර ගානේ පුළුස්සනු.
ශිංගේ කියන ලෙඩ නම් තන නොබලයි. තැන හිටි. මීට කප්පවෙල්ලිය කොල ඉස්මයි තෙළුයි පොවනු. බඩ මැද පුළුස්සනු.
කුඹල් විශදි කියන ලෙඩ නම් හිග්ගහෙ පොතුයි කහ අබර කහ අලයි අමු නෙල්ලි එක්කොට පොවනු.
කටෙ ලෙඩට කහ අලයි කොසඹ කොලයි අබරා කටෙ ගානු. ලමා වස්සානෙ කටෙ ලෙඩට මැමුකකුළුව ගෙනයි කිය බෙල්ලම් ගෙන අබරා පොවනු. මීටම පතුරු නඩෙ පුළුස්සානු.කුරෙ මැද පුළුස්සනු. කුඹල් විසාදියට දෙලෙපු පුළුස්සනු. ඹළුවෙ පුළුස්සනු.
කන නාලියට රෙදු කොලයි කොවක්කා වැල් ගෙන තල තෙලෙ අනා කනයට දමා බෙත් දමා බදිනු¡
පඩුමන්ට කුප්පමේනිය කොල අබරා පොවනු. බඩෙ පුළුස්සනු.
කඩියන් කියන ලෙඩ නම් ශරුවාගේ තඩිසි වෙයි. මීට මුරුංඟා පොතු කාඩි දියෙන් පොවනු. ඉල්ල දැලෙ නගුලෙ රගට පුළුස්සනු.
තෙරියන් කියන ලෙඩෙ ගුනත් තන බලයි. බුලත් කයි. ඉල දෑලෙ නෙළුම්ල ආකරට පුළුස්සනු. නලලෙනුත් දිවයටිනුත් උල් අරම්දනු වාගේළුයි කටුවක් ඇනලේ අරිනු ගුන වෙයි.
සිද මොක්කයි කියන ලෙඩ නම් සීධම් වාගේ ගොම දමයි. තන නොබලයි. මීට කරකොල තම්බා පරන සියබලයි වදකහයි අබරා පොවනු. මීට දකුනු ඉලෙ පුළුස්සනු. වං ඉලෙ පුළුස්සනු. ඔළුවෙ පුළුස්සනු.
තෙලෙරු කියන ලෙඩ නම් කකුල් හිරි වැටී යටි බඩ ඉදිමෙයි. පස්ශා කකුලේ පුළුස්සනු.ඉලෙ පිට පුළුස්සනු.
තලනොත් තල් ලෙඩ ශතර නඩෙ පුළුස්සනු.
පගුරු මුල් සමදර මුල් නා මුල් කලදුරු අල ළුනු අරතන මුල් ඉදි කුප්පමේනිය මුල් කුකුරු මහ මුල් ලෙආග මුල් වෙලිපරිතනිය මුල් සිවිය මුල් දෙහි මුල් දොඩන් මුල් නාරං මුල් යක් නාරං මුල් පෙනල මුල් ඔලිද මුල් මේවා අබරා ඉගුරු මිරිස් වද කහ හරන් කහ ගොරක අබරා දෙහි දෙඩ කනාරහාක බජ්භවෙ මෙන් ඔක්කොම තලලා දිය වක්කර උයපු හලි මල්ල කර අඩුකර නහෙ වක්කරනු. පොවනු. හරකුංගේ සියළු ලෙඩට යහපති.‍
සුදුරු කළුදුරු සුදුළුනු ඉගුරු මිරිස් අබ වදකහ සහිදළුනු ශන්කර නික කාරපල් මානික්ටි දෙහි ඇට දොඩන් ඇට ජයපාල ඇට කන්යගෙ මාළු ගෙන තහබරල පට ඉස්මෙ අබර සෙවනෙ වෙලෙන් තබා දෙහි ඇඹුලෙන් ඇස ගානු. ශරගෙ සියලූ ලෙඩටද සරපයො කෑමට යහපති. අත්දුටුවයි.
නික කොල ඔලිද කොල පූඩළු ඉස්මෙ පොකන වක් කරනු. හරකගෙ කොයි ලෙඩටත් යහපති.
ඉගුරු මිරිස් වදකහ සුදුළුනු මුරුඟා පොතු මීමුරුවට බටුකර ගැට තුබ මදුරු කොලටෙ බෙත් දෙහි ඇඹුලෙ දෙනු. නස්න කරනු. කොයි ලෙඩටත් යහපොති.
කුබුරු දළු නික දළු ගැට තුබ දළු සුදුළුනු මිරිස් දෙහි ඇඹුලෙ දෙගා දෙනු. ඇස් ගානු. දෙඩං ඇල ඉදයන් ගලග කන වක්කන්දු මෙ බෙත් කොයි ලෙඩටත් යහපොති.
මරක්ක කියන ලෙඩනන් වෙලිච්චා සෙම ගොට ලයි. ගද ගසයි. බඩිං ලෙ වැටෙයි. මීට හිග්ගහෙ පොතු අර වදකහ මොරුමෙං පොවනු මිට ඉලෙ පුස්සානු.
කොරවෙයි කියන ලෙඩ නං දෙයිලේ ඉදිමේ මීට එඩරු තෙල් කරළුනු කාඩිදියෙන් අබරා පොවනු. දෙයිලේ පුළුස්සනු.
ත්‍රිපල් ත්‍රිකළු සාදික්කා කරාබු වසාවාසී සුදුළුනු අබින් කස ඇට පනරු ගෙන සීන් ඉගුරු උළුව හැමදේම මදුරු අසමොදගං යුසත් බේත් අබිං වෙඩරුන්ළුම කසා වැල්ලමිට අමුක්කාරා දැත්ත මුළුත් කැපිටි මුළු කුරුදු පොතු බුලත් කොල මිරිස් දළු කපුකොල කටු ඉබුල් පොතුත් අටලොස්සක් ජයපාල් දෙසි ඇබුලෙං නබඟහ මෙකි බෙහෙත සමබව ගෙන පත පත එක් කොට ගත් ඉට නොහොත් මුලිමල පොතු එක් පමනට අබරා අබරාගත් ඇබරීමට දොඩන් ඇබු කන මෙයිය ඇබුල් පුස්ශතුනි දබයක් අබර තිබුට පමන ගුලි කර ගන් ගෙරවු බඩ ඉදිමු ඇග වෙවුළුං අති උදර වෙප්පු කෙල සොටු යන දිව ඉටු විය. සවි නැති තුලා වෙප්පු බඩ ඉදිටු අඩිශ්ගියා මොල හරිත පින වෙප්පු අසු කුලක් වෙප්පු ලෙඩට අනන් දසශා ගුලියිය ඔළු මෙහෙන් ගනු ගුලියෙ අනුජාන කියනු ලැබෙයි.
වෙප්පු ලෙඩට බෙලි මුල් ඉසුමෙද ගෙරවිල්ලට ඉගුරු මුරුගා ඉස්මෙ දෙනු. වෙවුළුමට ගදපාන කොල ඉස්මෙ දෙනු. නාහ ලෙ එනවට කුකුරුමහා තලළුනු ඉස්මෙ දෙනු.ලෙකුඩකඩුංතුමට කටු ඉබුල් පොතු ඉස්මෙ දෙනු. බඩිං යනවට අට්ටික පොතු ඉස්මෙ දෙනු. කෙල පෙරෙනවට කොහොඹ කොළ ඉස්මෙ දෙනු. කමුල ඉදි වෙනවට විෂින්‍රක්කරන්ති ඉස්මෙ දෙනු. වැටි වැටි නැගිටිනවට කෙලි සිටින හරකට ඉනන කොල ඉස්මෙ දෙනු. වලැවැල්ල නොකන හරකට අවුත්ජමිට කිරිපල් පොතු ඉස්මෙ දෙනු.  ගොම කටිනාහක් දමන හරකට වෙලිප්පාරිතිය කොල ඉස්මෙ දෙනු. මීටම කුඩු මිරි කොල ඉස්මෙ දෙනු. කහින කවිහින හරකට ළුනු අරන පොතු හිගුරැපට ඉස්මෙ දෙනු. දන්ක හරකට කප්පර වෙල්ලිය කොල ඉස්මෙ දෙනු. බෙල්ලා පිටටා යන හරකට දොඩං ඉස්මෙ දෙනු. පස්ස ගාතේ ඉදිනු හරකට මිල්ලා මුල් ඉස්මෙ පොවනු. (මෙගරනනෙ කාසාය කියනු ලැබේ. කොබ මුල් නික මුල් එරමිනිය මුල් කරද මුල් බුල්ල මුල් මිරිස් මුල් කුඩු මිරිස් මුල් මුරුගා මුල් ඇටි කිරිය මුල් වෙල මුල් තුබ මුල් පාවට්ටා මුල් කුරුදු මුල් බෙලි මුල් ඉරිවේරිය මුල් කපුවෙල්ලිය මුල්)(අසම්පුර්ණයි)
මොක්කො කියන ලෙඩ නම් අගමයිල් ගැස්සීශිටියි තන නොබලයි. මීට බෙත් තල අබරා තල තෙලෙන් පොවනු. මීට දැලෙ පුළුස්සනු.
කුඩල් විසදි ලෙඩෙ ගුන නම් වැටෙයි නැගිටියි. බඩ ඉදිමෙයි. කටින් කෙල ඇදදයි. කබ මෙ මිට බෙත් කලාදුරු අල ඉස්මයි ළුනු දියෙ මරම පොවනු මීට දෙයිලෙ පුළුස්සනු.
සර්‍වාංගේ ඉදිවෙයි මිට බෙත් යකු බෙරිය කොල කඩිදියේ පොවනු. මීටම පිලිස්සුම් වං ඉලෙ පුළුස්සනු. දකුනු ඉලෙ පුළුස්සනු. බෙලවට පුළුස්සනු. පිට කොදදැලෙ පුළුස්සනු.සතර නඩෙ පුළුස්සනු.
පෙරුමල් කියන ලෙඩ නම් මුත්ත්‍රා ගත ටී ආටීනිස් ගුනෙන් කකුල් දඩු ගශ වැටිලා නිදි වෙයි. මීට කොදදැලෙ පුළුස්සනු. සතර නඩෙ පුළුස්සනු ඔළුවෙ පුළුස්සනු. උගුරෙ පුළුස්සනු.
සීන් ඉලප්පු කියන ලෙඩනන් මීන්තරම ඉලප්පු අල්ලා ඇවිදි විට ඔළුවෙ පුළුස්සනු.ඉලදැලෙ පුළුස්සනු. අඩප්පු ලෙඩට පුළුස්සනු. ඉස්සර අතෙ ඉදිමුන්නැ පුළුස්සනු.පස්කකුලෙ මරුඑගමට පුළුස්සනු. ඔළුවෙ පුළුස්සනු.
උළුක්කු නොදැල්කි ලෙඩ වේ නම් හතර නඩෙ ඉදිමෙයි. මීට පිලිස්සුම් සතර නඩෙ පොරව අනකර පුළුස්සනු.
කුදිර විසාදි කියන ලෙඩෙ නම් නිදිවෙයි. මීවෙවුල මිට සතර නඩෙ වක්ක වලලූ වගේ පුළුස්සනු.
කැරකුම් ලෙඩට ඛෙත් නම් හීරැශ්ශා පළුකොට ලූනු එක්කොට පොවනු. කොන්ද දැත් පුළුස්සනු. දෙයිලෙ ඉදි අත්ත අකරට පුළුස්සනු. දෙවනුව කන් දෙක ගාව පුළුස්සනු.
කුන්ඩු ලෙඩ නන් මිහෙවනෙ නිදිවෙයි. සුදු රෙද්දකින් ඇග්ගශනු. ඉස්ම ගෙන පොවනු.එම බෙත් කට තවනු. මීටම ඔළුවෙ පුළුස්සනු.
අල්ලා මොක්කේ ලෙඩ පැමින ශරකාගේ ගුනෙ නම් දිය බොන කොට රත්පාවී එයි. මීට පොල්මහලෙ කැද පිස දෙනු. කටුවක් ගශලෙ අරිනු. සුරැටු කුලෙන්ලෙ අගුලක් පුළුස්සනු.
ඉප්ප ලෙඩ නං තන හැනික කියන මීට කොල්ලූ දියට දමළු රෑවෙංඩ දවසක් එඩරු ඇට කලදයි මලවා ළුකොල තබා අනා ඉස් එක්ක දෙදවසක් පොවනු. සිද නොයි ලෙඩ නං මීටම බඩ ඉදිමෙයි බඩ දියවෙයි පෙරිඩිල තදිතං සංදි ඉදිමෙයි. මීට වැල් පෙනල කොල කුබල් ගෙයි මැටි සුදුළුනු වදකහ කඩියෙ මොරුවෙන් අඹර මුනංතරවෙ දෙනු දෙයිලෙ පුළුස්සනු.
කළුමෙරා විදි ගුනතලෙ බොපමෙ ඇවිද ඇග වෙවුල්ල කක්කුසනරිං සක්කා කුලල රමක්නිබෙ ඉට කයන පොවනු. මීටම දී කිරි මි යිද කොල යුස පොල් කිරි ලා පොවනු.සුදුදුරු අසමෝදගම් අබ ඉගුරු වදකහ මිරිස් සුදුරු පෙනුවු. රුගහෙ පොතු දෙහි ඇබුලෙ අබර බඩට දෙනු. නාහෙලානු අස්ලානු කොයි ලෙඩත් යහපොති. දොඹ සුදුදුරු කළුදුරු  අසමෝදගම් ඉගුරු මිරිස් වදකහ මීමුරුවට මුරුග පොතු ළුනු දෙහි ඇඹුලෙං අබරා දෙනු.දොඩං ඇඹුලෙං දෙනු. සියළු ලෙඩයි ගොම විදින හරක රිවිදින හස්සඩ කර කොල බැබිල කොල යුස ගෙන පොට කිරෙ පොවනු මීටම ඇටි කෙහෙල් මුව ඉස්ම ළුනදි ඇඹුලෙං අබරා තබ මීට මතුගද පන කොල පොතු නික කොල පොතු මුරුග කොල පොතු ළුනු අරන කොල පොතු දෙනු. නස්න කරනු. සියෙෂෙආඩ ලෙඩයි. මීට පිලිසු දෙපතු පිට පුළුස්සනු.කිරල් ඇට පිටය. ගොම දැඩි වෙල තියෙන් බැබිල බිතැබුරෑ කොල පෙනල කොල මෙ හැම ඇබුලෙන් දෙනු. මීට බැරිනං මෙ බෙත් දෙනු.තිප්පිලි වසාවාසි තොටිල්ල පොතුත් දෙසි ඇබුලෙං අබර මදුරු කොල ඉස්මෙ දෙනු. ජයපාල ඇට හතරක් පහක් පොතු ඇර මිස පොතු ඇර දම අබර දෙනු. යහපොති සියළු අඩප්ප ලෙඩට අලිකාරවිල කොල ඉස්ම මී පැනියෙ දෙනු. සියළු වෙප්පුවට බෙලි මුල් තන හලෙනු කැද පිසාදෙනු. අබ ඉගුරු මිරිස් ගොරක ළුනු දෙහි ගෙඩියක මදක තල තල මීමුරුවට බටුකර හොඩ නවෙප්පු රංගං ලෙඩ ගුන කැරකැවෙයි. පෙරාලෙයි අතපයසයි නැගිට වැටෙයි. මීට බත් වර කොල ඉස්මරා එකක පොවනු. මීට ඉලෙදි ගහනතර ගතෙට පුළුස්සානු
තව්සාට වූ හදිය
===========
දැහැනින් නැගුණු තව්සා දැක කුටිය ළග
මගියෝ කියෙති යුතු වෙහෙසින් යුතුව දිග
සාමිනි අපට යා යුතු තව බොහොම මග
දෙනු මැන රැයක් ඉන්නට පංසලෙහි ලැග
අතහැර මිනිස් වාසය නිදහස පැතුව
මම මෙහි සිටින්නෙමි සිත සොම්නස යුතුව
මට ඉද පුරුද්දක් නැහැ කරදර ඇතුව
දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ නැතුව
ගොළුවන් වගේ රිංගා මුල්ලකට වෙලා
ඉන්නට හැකිය සුසුමක් වත් නැතිව හෙළා
අපි මොන තරම් සංවර වෙන්නෙමුද බලා
ඉඩ දෙනු මැනවි කී විට ඒ නඩෙහි මුලා
තව්සා කුටිය එක මුල්ලක් ඉඩ දුන්නේ
පිම්බා ලෙසින් මීයට නිහඩව උන්නේ
පැයකට පමණ පසු කවුරුත් කොදුරන්නේ
ඇතැමුන් තව්සගේ පළ වැළ ටික කන්නේ
බණ බාවනාවට කරදර ඇතිදු ඉතා
තව්සා ඉදියි මුල්ලක එරමිණිය ගොතා
මගියෝ ලැබුණු නිදහස තව දුරට පතා
තුන් මුල්ලක්ම අත්කරගෙන කරති කතා
මගියෝ සිටිති දැන් කුටියේ සියළු තැන
කතිකා කරති වියහියදම් ගමන් ගැන
මුව සම පවා තව්සා සතු පැහැර ගෙන
ඔහු රෑ තැවෙන හැටි කුටියෙන් පිටට පැන
තව්සගෙ තවුස් පිරිකර ටිකවත් නැත්තේ
කෙණ්ඩිය පත් කඩය මිදුලේ එළිපත්තේ
අදුරේ මහා කළබල ගතියක් ඇත්තේ
ඒ මදිවාට කවුදෝ ගුටි කෙළ ගත්තේ
මැසි මදුරුවන්ගේ විස දළ තුඩු පාවා
තව්සා සීතලේ රෑ සට සට ගෑවා
මගියෝ ගියහ තව්සා කුටියට ආවා
තිබුණා මිණී තුන හතරක් එහි බාවා
(සිදාදියේ කුළු මීමුන් වනාන්තරයට රිංගා ගැනීම.පී.බී අල්විස් පෙරේරා කවියාණන්ගේ මේ කවි පෙළ වැඩිපුර ප්‍රසිද්ධ නොවූ එකකි."කොළඹ යුගයේ"කවි කියවන්නට කැමති ඔබ වෙනුවෙන් උපුටා ගතිමි.)

උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි

පෙර සටහන

අපට බොහෝ විට  පාසලේදී ඉගෙනගන්ට අවස්ථාව ලැබූ ළමා කතාවල කියවන්නට  අසන්නට ලැබුණේ අපේ ඇත්තන්ගේ හපන් කම් වලට වඩා මෝඩකම් පිළිබඳ කතා පමණකි. ඒවාද ‍ප්‍රබන්ධ කතා මිස සත්‍යයට කිට්ටුවෙන් ගිය ඒවා හෝ නොවේ. ගමරාල, විදානෙ,කෝරලේ මහත්මයා, රටේමහත්මයා වැනි දෑ මහනුවර රාජධානි සමයේ පැවති පරිපාලන ක්ෂෙත්‍රයේ තනතුරු නාමයන්ය.මේ තනතුරුවල යම් වටිනාකමක් වූයේ නම් ඒවා අතුගා දමන්ට අවශ්‍ය තාවක් කාට හෝ තිබුණා වැනි ය.  මැදහත්ව සිතතොත්   මා කියන දේට යම්තරමකින් හෝ ඔබත් එකඟවනු ඇත.  පහත  ඉදිරිපත් කරන ජනකතා වලින් කතා රසය පමණක් අපේක්ෂා නොකරන්න. ඒවා ඇතැම් විට ප්‍රබන්ධ සේම සමහර අයගේ පම්පෝරි වැනි අතිශයොක්ති කතාවන්ද වනු ඇත. එහෙත් ඒ සියල්ල ඉංග්‍රීසින් යටත් වීමට පෙර උඩරට තිබූ  අදීන සමාජයේ  මිනිස් සිතුම් පැතුම් ආකල්ප සිරිත්විරිත් හා ව්‍යවහාරයන් පිළිබඳ හෙලි කරයි. ඒ නිසා ඓතිහාසික තොරතුරු හෙලි කෙරෙන මූලාශ්‍රයන් ලෙසද මහත් වටිනාකමක් පෙන්වන කතා බව පෙනීයයි.

ජනකතා සහ කවි අංක 1.1

කවිසියා බැඳපන්

මේ කතාව  පවසන ලද්දේ ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ ඓතිහාසික පරම්පරාවෙන්ම උරුමව කපුනිළමේ රාජකාරිය  මහත් බැති සිතින්  ඉටු කළ මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න මහත්මාය. එතුමා 2004 දී අභාවප්‍රාප්ත වූ අතර කතාව අසා‍ගත්තේ 1992 වර්ෂයේ පෙරහර ඇසල මහ පෙරහර පැවැත්වීමට පෙර දින  නානුමුර මංගල්‍යය සඳහා  සූදානම් වන අතරතුර දීය.  එය කතාරසය ද අඩංගු, දේවාලයේ පුරාවෘත්තය ද පැවසෙන්නක් නිසයි ඔබ වෙත ඉදිරිපත් කරන්ට තෝරා ගත්තෙ. දේව මන්දිරයේ සිට  එක්තරා පොතක් ද රැගෙන එමින් පැවසූ පහත දැක්වෙන  කතාව එතුමා ව්‍යවහාර කළ ආකාරයෙන් සටහන් වේ.භාරතරත්න කපු මහතා පුරාණ උඩුවියනක් පෙන්වමින් කතා කියූ අවස්ථාවක්

“බොහෝම ඉස්සර අපේ මී මුත්තා කෙනෙක් හිටල තියනව,  මංගලනාත බ්‍රාහ්මණ කියන නමින්. ඒ ඇත්ත රාජකාරිය කරද්දියි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ කාලෙ කපු වරු ඉඳල තියෙන්නෙ දැනට ඔය “බ්‍රාහ්මණවත්ත” කියන තැන  (මේ දැනට පවතින දේවාලයට මීටර් 200 ක් පමණ උතරින් පිහිටුවා ඇති පත්තිනි දේවාලයට නැගෙනහිරින් ඇති ප්‍රදේශයයි. ) මේ මුත්තාට දවසක් අමුතුම තාලේ හීනයක් පෙනිල තියනව. හීනෙ මේකයි. නවගුණ වැල් රාසියක් කරේ දාගන දිලිසි දිලිසී පෙනී හිටපු  බ්‍රාහ්මණ ගොල්ලක්  “කවිසියා බැදපං. කවිසියා බඳින්ඩ පො‍රේන්දු වෙනව නේද ?  කියල සැරෙන් ඇහුවලු. මුත්තාත් වැඳ වැටිල පස්සෙන්දම ඉටු කරන බවට පොරොන්දු  වුනාලු. ඒ කාලෙ දේවාලෙ පට්ටිකාර පංගුවට  හරක් පට්ටියක් ඉඳල තියනව. ඒකෙ එළදෙනුන්ගෙන් දොවාගෙන හදාපු හුංකිරි  තමයි දේවාලෙට  වැඩමෙව්වෙ. පට්ටියෙ හිටපු ගොනුන් තමයි කරෙත්තෙ බැඳගෙන ගිහින් මුළු ගමටම ලුනු ගෙනත් තියෙන්නෙ. උංගෙ බැදපු සොකඩ තමයි ඔය තවමත් තියෙන්නෙ. මෙ හරක් පට්ටියෙ හිටපු “කවිසියා” කියන ගොංනාම්බ ඒ කාලෙ වල්වැදිල කියල බ්‍රාහ්මණ තුමාටත් ආරංචි වෙලයි තිබුණෙ. අලියන්දුරේ ගහනවත් එක්කම නැගිටල මුරේ හිටපු ඉලංගන් ඇත්තන් ලවා පට්ටිකාර පංගුවෙ අය යි අනෙක් රාජකාරි ඇත්තොයි සේරම කැඳවල හීනෙ විස්තර කර දීල කිව්වලු “කොහොම හරි කවිසියා අල්ලල  ගෙනල්ල   බඳින්න කියල. හයිය හත්තිය තියන සේරම ඇත්තො කැළේ දෙවනත් කරල හොයල කවිසියා අල්ලල තඩලල  දේවාලෙ ඉස්සරහ බැඳින්ඩ බොහොම මහන්සිවෙලා තියනව. කොහොම හරි හවස් වෙනකොට කවිසියා දේවාලෙ ඉස්සරහ බැන්ද ලු. අපේ මුත්තත් දෙයියන්ට කියා හිටල නින්දට ගියාලු. මොන නිදියවිල්ලක් ද ඒ පාර ආයුදත්  අරගෙන එන බ්‍රාහ්මණ ගොල්ල ඇහැ පියවෙන්නම දෙන්නෑ.  නැගිටපං කවිසියා බැඳපං කියනව. මුත්තත් කවිසියා බැන්ද බව දෙයියන්ට කියා හිටල නිදාගන්ඩ හදනව. ඒත් නිදාගන්ඩම නෑ අර පණිවිඩේ කියාගෙන බ්‍රාහ්මණ ගොල්ල එනව. බැරිම තැන මේ හීනෙ තෝරල දෙන්න කියල පිරිත් කියල දෙයියන්ට පින්දීල තදින් කන්නලව් කරල නින්දට ගියාලු. ඒ ගමන වේලායුදයක් ගත් බ්‍රාහ්මණ කෙනෙක් ඇවිදින් “ගොනෝ උඹට කිව්වෙ හරකෙක් බදින්ඩ නෙවෙයි කවිසියා බඳින්ඩයි. කවිසියා බැඳපන්” කියල අතුරුදහන් උනාලු. මුත්ත ඒ පාර හීනෙ තෝරගන්න බැරුව නිදාගන්නෙම නැතුව කල්පනා කරන්න උනා. කුකුලා අඩලන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දි, වෛතාල වෙලාවෙ හදිස්සියෙම සිහියට ආවලු මේ කිව්වෙ “කවි සීයක් බඳින්න නේද” කියන එක.  ඒ මොහොතේ ඉඳල ඔය හේවිසි මණ්ඩපේ ගාව තියන හඳගල ගාව  පඩිය උඩ ඉඳගෙන තමයි මේ පොතේ තියන කවි පද බැඳල තියෙන්. ඒ කවි තමයි, ඔය කවිකාර පංගුවටයි මංගලං කවි කියන අයටයි නයියන්ඩි කෝලම් පංගුවටයි කපු නැටුම් පංගුවටයි බෙදල දීල තියෙන්නෙ. ඒව  ඔය පෙරහර රාජකාරිවල දි කියවෙන්නෙ. හංකරාවෙ පියසේන, හෙලහේනෙ ඒබරං වගේ ඇත්තන්ට සේරම කටපාඩං. කළුචාලිස් බාස් උන්නැහැ තම්බිසිංඤො වෙදමහත්තය, හල්වින්නෙ ආරොං බාස් උන්නැහැ වගේ ඇත්තන්ටත් මේව සේරම පාඩං තිබුණ.”

කියමින් කපුනිලමේ වරයා ලබාදුන් ඒ ඓතිහාසික කවි අඩංගු අත්පිටපත එතුමාගේ ඉල්ලීම පිටට නොගොස් ඒ අවස්ථාවේම පිටපත් කරගතිමි.

පසු සටහන්

එය කටු පෑනකින් ලියූ අත්පිටපතකි. මුලින් ලියන ලද පොත විමසීමි. එය දිරාපත්වෙන්ට ඇති බවත් දැන් සෙවිය නොහැකි බවත් කපුමහතාගේ ප්‍රකාශය විය.  ඒත් මෙහි කිසි අඩුවක් නැති බව  කියා සිටි එතුමා ලේකම් මිටියත් සමග එහි තවත් පිටපතක් මහනුවර තිබීමට ඉඩ ඇති බවක්   ප්‍රකාශ කළේය විය. මහනුවර කුමණ ස්ථානයේද යනු කීමට හැකියාවක් නොතිබුණි.ලේකම්මිටියේ පිටපතක් සේ සැලකිය හැකි පුරාණ පුස්කොල ලේඛනයක ඡායා පිටපතක් කොළඹ කෞතුකාගාරයේ තිබුණත් මේ කවි පොත එනම් කන්දකුමාර සිරිත සොයාගැනීමට නොහැකියවිය. මේ කතාව කියූ අවදියේ ඡායා පිටපත් ගැනීමේ පහසුකමක් නොවූ බැවින් ඔහු විසින්  ලියාගත් පිටපතක් පමණක් වීම විශාල අඩු පාඩුවක් විය

   සලසන් සිරි සැප දීලා මෙලොව        ට

  දොලසක් ආයුධ හස්ත දරා සි              ට

  දහසක් බ්‍රහ්මණ ගොල්ලක් විත් සි       ට

  පණවිඩ උනි කවි සියෙක බඳින්න       ට

                                  බාලචන්ද්‍ර මගෙ නම පවසා               ලා

                                 ආලවඩන පද ස්තුති කර                     ලා

                                 රාල බ්‍රාහ්මණ වලියයි තෙප                ලා

                                  කෝල නැතුව කවි සිය බැඳ දී             ලා

           යන කවි භාරතරත්න නපු නිළමේවරයා පැවසූ නිධාන කථාව සංක්ෂිප්තව දක්වන්නාක් වැනිය.

මේ අතර 2007 දී පමණ එක්තරා දිනෙක, දේව වර්ණනා කාව්‍යය නම් වූ මා හැඟි ග්‍රන්ථ‍ය කියවා බැලීට ලැබිණි. මහා පඬිවරයකු වූ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල ශූරීන් විසින්  එළිදක්වා ඇති  එය පුරාණ පුස්කොල පොත් එකතුවක මුද්‍රිත සංස්කරණයකි. එහි කපු නිළමේ තුමා පෙන්වා දුන් “කන්දකුමාර සිරිත” ද ඒ නමින්ම අඩංගුවී තිබිණි. වෙස් කම් වලට ඇත්තේ අකුරු සහ වචන කීපයක් පමණි.  දේවාලයේ තිබූ මුල්ම ලේඛනය හෝ එහි මුල්කාලීන පිටපතක් පී.ඊ.පී. දැරණියගල ශූරීන්ට මහවලතැන්න වලව්වේ තිබී  ඇති බව දේවවර්ණනාකාව්‍යයේ පෙරවදන අනවු පෙනීයයි.  කන්දකුමාර සිරිත නම් වූ එම පුරාණ කවි පෙළ එතුමාගේ සම්පාදකත්වයෙන් එළිදක්වා ඇති “දේව වර්‍ණනා කාව්‍ය” ග්‍රන්ථයේ පිටු අංක37 සිට 47 දක්වා ඇත්තේය. (ප.එ.ප. දැරණියගල සැප්තැම්බර් මස 10,1960 කොතුකාගාර පුස්කොල ග්‍රන්ථමාලා අංක IX දෙව වර්ණනා කාව්‍ය) එය උග්ගල් අලුත්නුවර දේවාලයේ මධ්‍යකාලීන ඓතිහාසික තතු අනාවරණය වන ඉතාම වැදගත් මූලාශ්‍රයක් වේ. මේ සියලු කවි ඉදිරි ලිපියක් තුළින් දැක්වීමට අදහස් කරමි.

විශේෂ ව්‍යවහාරයන් ගේ වචන කෝෂය

  • නානුමුර මංගල්‍යය - දේවේලේ පෙරහර නිම වූ දින රාත්‍රිය මහ පෙරහරට සූදානම් වන දිනයයි. මෙහි දී දේවියන් වෙනුවෙන් පවත්වන රහස් රාජකාරි ඇතුලත් විශේෂ චාරිත්‍රයන් මේ නමින හැඳින්වේ

  • හුංකිරි - එළඟි තෙල් හෙවත් ගිතෙල්

  • සොකඩ - තවලමේ එන ගවයන්ගේ  කරේ එල්ලන විශේෂ මිණි ගෙඩි විශේෂයකි. එහෙත් ඒවායේ හඬ මිණි ගෙඩිවලින් නැගෙන කිංකිණ හඬ නොවේ. වෙනස් ගෝෂාවකි. එහි හඬට කොටියා බියවී ඉවත්වන බව දැනගන්ට ලැබිණි.

  • අලියන්දුරේ - එළිය හා අඳුර අතර සංක්‍රාන්ති වෙලාව රාත්‍රියනිමවෙමින් උදෑසන එළඹෙන බව හැඟවෙන හේවිසි නාදය මෙනමින් හැඳින්වේ.

  • ඉලංගන් ඇත්තන් - අායුධ සමගින් සටන් පුහුණුව ගැබූ “හේවාරාල රාජකාරි කරුවන්”

  • තඩලල - දමනය කර

  • කන්නලව්-ආයාචනා කර කියා හිටීම

  • වේලායුදයක්- කතරගම දෙවියන්ගේ ආයුධයක් සේ සැලකෙන්නකි. එයම ඇතැම් විටක වේල්කූර ලෙස ද හැදින්වේ.

  • වෛතාල වෙලාවෙ- කාලය හා වේලාව ලිපිය බලන්න. පාන්දර 4.00 ට පමණ හෝ ඊට ආසන්නයේ හෝ  එය පසු වී හෝ එළඹෙන ශුභ වේලාවකි

  • හේවිසි මණ්ඩපේ- දේවාලයේ නිළ හේවිසිය වාදනය කිරීම පිණිස ඇති වේදකාවක් බඳු කොටස

  • හඳගල - සඳකඩ පහන වෙනුවට යෙදෙන වදනකි. මේ ප්‍රදේශයේ සදකඩ පහන යන ව්‍යවහාරය නොමැත. විහාරයක අර්ධ සඳක ආකාරයේ පිවිසුම් ස්ථානයකි.  දේවාලයේ ඇත්තේ ඇත්තේ පූර්ණ සඳකට කිට්ටු පිවිසුම් ගල් තහඩුවක් දැයි විමසීම ප්‍රයෝජනවත්ය. උග්ගල් අලුත්නුවර මෙන්ම අම්මඩුව දේවාලයේ ඇත්තේ ද ඊට සමාන ගල්තහඩුවකි. “සඳකඩ පහණ” වෙනුවට “හඳගල” යන ව්‍යවහාරය පැමිණියේ ඒ නිසාද විය හැකිය.

    ජනකතා සහ කවි අංක 1.2


    උග්ගල් අලුත්නුවර දේවාලයේ හාස්කම් සම්බන්ධ පුරාණ කතාවක්.

    කතරගම දෙවියන්ගේ තේජානුභාවය හා බලමහිමය පිළිබඳ කියා දෙමින් පැවසූ මේ කතාව,  නාගහයට නමින් හැඳින් වෙන ස්ථානයේ තිබූ විශාල නා ගස කුමක් ද? ඒ වටා  ප්‍රාකාරයක් තිබුණේ කුමක් නිසා ද ? යන කුතුහලය  සන්සිඳවන ඓතිහාසික වෘතාන්තයක් වශයෙන්ද වැදගත් වූවකි. කතාව පැවසූ කිරිඅම්මාගේම රසවත් වදන් වලින්ම ඒ පුවත මෙහි සටහන් කර ඇති බව සලකන්න.

     1947 දී  ගන්නා ලද සේයා රුවකි. සියවසකටත් වඩා ආයු වැළඳූ කිරිඅම්මා 1964 දී අභාවප්‍රාප්ත විය. “බොහොම ඉස්සර නාගර දේවී කියන  දේවිය තමයි මුළුතැන් තේවාවට ගන්න දේවාලෙ වී කොටල, පොලල, පූ කරල දෙන්න ආවේ. දෙවියන්ට අලුත් හාලෙන්ම මුළුතැන් බාන්න ඕන නිසා දවස ගානෙම වී කොටල පිරිසිදු කරල හාල් හදා දෙන්න ඔන. නාගර දේවිත් එක්ක   තවත් කීපදෙනෙක්ම මේ රාජකාරියටත් හිටිය. හැම දාම එක් කෙනෙකුටම කරගන්න බැරිවෙන හින්ද. ලෙඩක් දුකක් හැදුනොත් නැත්නං අසුද්දයක් තිබුණොත් අනෙක් අය ඒ වෙනුවට එනවා. නාගර දේවී ගේ ගෙදර තිබුණෙ පාලම ගමේ පොල්ගහඅරාව කුඹුර ඉහත්තාවෙ. දැන් ඔය අස්වැද්දුම කියන කුඹුර තියන තැන. ඒක කුඹුරක් බවට අස්සද්දල තියෙන්නෙ පස්සෙ කාලෙ මාලිගාව ගරාවැටිල නැතිවෙලා ඒ ඉස්තානෙ වල්වැදුනට පස්සෙ.

    එක කාලෙක, එක දිගටම, තනියමම නාගර දේවිට විතරක් එන්න සිදුවෙලා තිබුණා. තවත් අය  හිටියත් නාගර දේවිටම රාජකාරියට එන්ට වෙලා තිබුණෙ. එයා හිටියෙ පාලම ගම. ඒක  දේවාලෙ ඉඳල හැතැම්මකටත් වඩා දුරයි. මොනව කරන්න ද එයාටම දවස ගානේ එන්න උනා. අන්තිමේදි  නාගර දෙවීට මේක ඉවසගන්න බැරුව  ගිහින් තියනව. එක දවසක් තමන්ට මග දිගට හම්බවෙන අයටත් බැන බැන, මේ වදේ ගැන කිය කියා පාර දිගේ ආව. නාගහයට හන්දිය කිට්ටුවදී හම්බ වුනු අයටත් දොස් කියල  “මේ හවස් ජාමෙත් මෙච්චර දුරක් ගෙවා ගෙන එන්ට වුනා  නැත්තන් අරයට අඩුක්කුව හදන්ඩ විදිහක් නෑනේ” කියල දෙයියන්ටත් දොස් කීවලු. එහෙම කියල උන්දැට අඩි දෙකතුනක් වත් එන්ඩ බැරි උන තරංලු. හන්දිය පහු කරන්න වෙලා නෑ. හරියටම එතෙන්දි හදිස්සියෙම කැලෙන් ඇතෙක් මතුවෙලා ඇවිදින් නාගර දේවිව පාගල දැම්මලු. එයා එතැනම මැරුණලු. ආයෙ ඒ කටින් කතා කළෙත් නෑ. කෑවෙත් නෑ. එහෙම තමයි කතරගම දෙයියන්ගේ හාස්කං. නයියන්ඩි පංගුවේ  රාජකාරි ඇත්තෝ  ගරායක්කු නටද්දි වගේ විටක දෙයියන්ට විහිළුත් කළා වුනත් දොස් කිව්වෙනෑ. ඒ අයට දෙයියන්ට විහිළුතහළු කරන්න වරම් තිබුණ. කොයි හැටි උනත් අවසානයේ ඒ අයත් දෙවියන්ට ආසිරි පැතුව මිසක් දොස් කීවෙ හෙම නෑ. එහෙම දොස් කියන්න බලයක් කාටවත් නෑ. නාගර දේවිව එතනම සොහොන් කල්ල ඒ සොහොන උඩ නා ගහක් හිටෙව්වලු  . ඒක ආරස්සා වෙන්න තමයි ඔය වටේටම බැම්ම බැඳල තියනව කියන්නේ.”

     පසු සටහන

    • සූරිය මහරජු දේවාලය කරවා ආපසු යාමට පෙර රංගනාත බ්‍රාහ්මණ දේවී නාගර දේවී සහ වල්ලි දේවී යන අයට මුළුතැන් තේවා පවරමින් නාගරදේවීට මුළුතැන්රතනපොතී යනුවෙන් නම්බුනාමයක් ද පිරිනැමූ බව ජනප්‍රවාදයේ පමණක් නොව පුරාණ ලේඛනයේද සටහන්ව ඇත. මෙහිදී රාජකාරි වගකීම පැවරුනු ප්‍රධාන කාන්තාව වී ඇත්තේ නාගර දේවී බව පෙනේ.

    • උග්ගල් අලුත්නුවර දේවාල භූමියේ ගිණිකොණ සීමාව එක් වාහල් කඩකි. මේ වාහල්කඩ නිර්මාණයේ නටබුන් අද දක්නට නැතත් වළවේ ගංගා සීමවා දක්වා යන  පාර ආරම්භවන්නේ මේ සීමාවේ සිටය . එම මාර්ගයේ මීටර් 100ක් ක් පමණ යනවිට   තොටපල්ල හා පොකුණෙගම යන දේවාලයේ පරිවාර ගම්මාන රාශියක්  සම්බන්ධ කරන මාර්ග බෙදී යන  මංසන්ධිය හමුවේ. 1978 දක්වාම  මේ මං සන්ධියේ  ඉතා විශාල ලෙස වැඩී දස අතටම සෙවන දෙමින් අතුපතර විහිදාගෙන තිබූ  නා ගසක් විය. ගසේ උස අඩි 40 ද ඉක්මවා ගිය තරම්ය. ඒ වටා මීටර් 3.5×3.5 පමණ (අඩි 10×10 පමණ) විශාලත්වයෙන් යුතු මීටර් 2 කට වැඩි(අඩි 7 ක් පමණ)උසකින් යුතුව බැඳ තිබූ ප්‍රාකාරයක් විය. මේ ස්ථානය එදා මෙන්ම අදත් නාගහයට යනුවෙන් හැදින් වෙන්නේ මේ සුවිශාල වෘක්ෂ රාජයාගේ  මහිමය නිසා විය හැකිය.

    • අතීතයේදී වී කෙටීම සදහා වෙන් වුනු ස්ථානයක් දේවාලයේ විය. එය දේවාල ගබඩා කාමර පේලියට දකුණු දෙසින් පිහිටි බරාඳ ප්‍රදේශයයි. දැන් බැතිමතුන්ට  පූජාවට්ටි පිරිසිදු කර නියමානුකූලව පිළියෙල කෙරෙන්නේ ඒ ආසන්නයේය.

    විශේෂ ව්‍යවහාරයන් ගේ වචන කෝෂය

    •  මුළුතැන් -මුළුතැන් බත් යනු දෙවියන්ට පූජාකරන ආහාර වලට කියන නමයි. මුළුුතැන් තේවාව යනු ඒවා සකස් කර පිළිගැන්වීමේ කටයුතු දෑය.මුළුතැන් බෑම යනුවෙන් අදහස්වන්නේද එයයි. ඒවා වැළඳීම මිනිසුන්ගේ අපල උපද්‍රව රෝගාබාධ ආදිය සුව වීමට හේතුවේයයි බලවත් විශ්වාසයක් ඇති බැවින් ලබා ගැනීමටත් වැළඳීමටත් බැතිමත්තු අපේක්ෂා කරති. එම ආහාර දේවලයේදී වළඳද්දී අමුතු ප්‍රනීත බවක්ද වේ.

    • පොලනවා - යනු කොටන ලද වී වල දහයියා සහ නිවුඩු කොටස් ඉවත්වනතුරු කුල්ලේ දමා සහල් බේරා ගැනීමය.

    • පූ කරනවා - යනු කොටන ලද සහලේ කැඩී ගිය කැබලි හෙවත් සුන් සහල් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.

    • ඉහත්තාව - ඉහළින් පිහිටි ප්‍රදේශය

    • හාස්කම් - අදෘෂ්‍ය මාන බලයකින් සිදුවන්නාක් බඳු අනපේක්ෂිත විශ්මය ජනක දේ

      උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි1. 3

      ඓරාවණ ඇත් රජු

      උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය හා රජමහා විහාරය 1580 දශකයේ පවා මැදගම මහ වනය මැද පිහිටි එකක් විය. තදාසන්න ජලදහරාවන්  වූ වලවේ ගංගාව හා ඒ ආශ්‍රිත ජලවහන රටාව සැදි අතු ගංගා මාර්ගයන් දෙකකින්  සැදුනකි. ගංගාවන් යොවුන් අවස්ථාවේ පසුවෙමින් ඇති බැවින් වේගයෙන් ගලා බස්නා දිය දහරා ඇත්තේය. ඒ නිසා කඳු හෙල් බහුල පෙදෙසකි. මේ මහවනයේ වෙසෙන සතා සිව්පාවුන්ද ගහ කොල ද මිනිසුන්ද සහජීවනයෙන් යුක්තව සිටි බවටත් සත්ව කරුණාවෙන් සමහර විට අදට වඩා ලතෙත්  ප්‍රජාවක් වූ බවටත්  ඇඟවෙන තොරතුරු ජන කතා සහ කවි වලින් පෙනී යයි. මගේ අතීතයට පිවිසෙන විට මුත්තම්මා  මා නින්දට වැටෙනතුරු කියා දුන්නේ එවැනි කතන්දර හා සිව්පද වෙයි. දේවාල පෙරහරට එදා ද අලි ඇතුන් සිටීම අත්‍යවශ්‍ය අංගයක් විය. ඒ බව මෙහි ඇති පළමු කවියෙන් හැඟ වේ. ඊ ළඟට  ඇත්තේ මේ ඓරාවණ යයි නම් ලැබූ පුරාණ ඇතාගේ වියෝ වීමෙන් සසල වූ හදවතින් යුතුව නිමැවුනු කවි අතරින් කලාත්මක අගයෙන් වැදගත් වූ කවි තුනකි.

         *   කන්දේ කකා ලන්දේ යන         බෝසත්තු

             අතමිණි බැඳ පය මිණි බැඳ         ජයගත්තු

            රාජ සබාවෙන් කරුණා             ලැබගත්තු

             වලවේ ගඟට බැස්සයි ගෝමර        ඇත්තු

                     1     අලුත්නුවර සිට සොඬ අකුලාගෙන වන ගොමුවට යනවාද          ඇතා

                            රත්තරනින් රන් පිට සරසා ගෙන පෙරහරකට යනවා ද              ඇතා

                             දළ දෙක මුදුනේ කඩුව තියාගෙන දිය කැපුමට යනවා                ඇතා

                             වස් නැත දෙවියනි සින්දුව කීවට අලුත්නුවර දේවාලෙ                ඇතා

      2      ලතාවකට අත බිමගා එන කල මළුවේ වට ඇඳි රුවකි                 අනේ

              ගොතා මැණික් ගල් කරවට මාලය ඇතාට දුන්නා මිසක             අනේ

              ඉතාම ගරු ඇති මහ දේවාලෙට පාක්කුඩම් මළු පහළ                 උනේ

              ඇතා වැටුන බව දන්නේ නැතිව ද කපුකම් කරනා            මැතිවරුනේ

                               3      කඳ දෙව් රජුගේ මහ දේවාලෙට ගන රන් ආයුද පහළ                      උනේ

                                       අතලන්ඩ වළලූ පයලන්ඩ ගිගිරී හඳ ගල ගාවට පහළ                      උනේ

                                       සඳගල ගාවා ආවඩනා කල ඉර හඳ දෙදෙනා බලා                         ගෙනේ

                                       ලංකාවට එළියක් වැටෙනා තැන කොතනද දෙවියෝ මුවා             උනේ

      කුඩා දරුවකු වූ මගේ තොරතෝන්චියක් නැතිව අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කිරි අම්මා පැවසූ මේ ඇතාගේ කතාව  ඇගේ ම වදන් වලින්ම පහත දැක්වේ.

      “ඓරාවණයා පුතේ අපේ දේවාලෙට පහළ වූන වස්තුවක්. ඒ හින්ද දේවාලෙ ඇතා කියනවා මිසක් අයිති කෙනෙක් ගැන කියන්න බෑ. අලියා මේච්චල් කරන්ඩ කවුරුවත් ඕනි වුනේ නෑ. එක කුරුවේ කුලයේ ඇත්තෙක් රෑ වෙන කොට අලියා බැන්දේ මිනිසුන්ගේ ඇඟේ හැපීම නවත්ත ගන්ඩයි. ඔය දැං පන්තියවත්ත කියල කියන්නේ අලියා හිටපු වත්තට. දවාලට මේ ඇතා  සෑමතැනම ඇවිද කකා හිටියේ. කාටවත් කරදරයක් වුනේ නෑ. මිනිසුන්ට හිතවත් වුනා. දේවාලෙට අනේක වස්තු ඉබේම හම්බ වුනෙත් මේ කාලෙ. කවුරුත් කිව්වෙ ඇතාගෙ පිනට පහල වෙන වස්තුව විදිහටයි. පුංචි දරුවො ඇතාට  හෙන්දිරික්කා පඳුරක් ගලවා දෙනවා කන්න. ඌත් එක අරං කනවා. අපේ අම්මල තාතාතල  හකුරු මුලක් මැද්දට තියල පිදුරු වලින් දවටල පිදුරු කට්ටයක් දීම කළා. දැන් හරියට අපේ බලු කුක්කා කෑවාද බලනවා වගේ තමයි ඒ කාලේ හිටපු  අය ඇතාට සැලකුවෙත්. මේ ඇතා “සද්දන්ත කුලයේ”. ඒ කියන්නේ පස් අංගයක් බිම ගෑවෙනවා. ඇවිදිනකොට හොඬය බිම ගෑවෙන නිසා රටා හිටින්ඩ අපි අතුගාන මිදුලේ රටා මැකිල රූප ඇදෙනවා වාගේ ඒකයි ඔය දෙවෙනි කවියෙ  තියෙන්නෙ. උගෙන් වැඩ ගන්නව කියල එකක් කරන්නෙ නෑ. පෙරහරට ගන්නව විතරයි. මේ ඇතාත් දේවාලෙ හේවිසි සද්දෙ අඳුනනවා. පෙරහර දින වල මිදුලට ඌ තනියම ඇවිත් ඉන්නව. ඒ ක දැකල අපි කාටත් හරි සතුටුයි. දවසක් පෙරහරට ඉස්සෙල්ල ඇතා නාව ගෙන එන්න කුරුවෙ ඇත්ත දෙනගං ඔයට ගෙනිහිං තියනව. පෙරහර දිනවල හවස හෙන්දිරික්ක මල් පිපෙන වෙලාවට මල්තේවෙ සද්දෙ අැහෙනව. ඊට පස්සෙ දේවාලෙ හැන්දැ දුරේ හේවිසිය මහ හඬට ඈතටත් ඇහෙන්න ගහනව.  හදිස්සියෙම උඩහ කඩේ පැත්තෙන් ඇහෙන විලාපයක් නිසා කවුරුත් කලබල වෙලා බලන්න උනා. ඇතා කුරුවෙ ඇත්තව මරල දළ දෙක උඩ තියාගෙන එනව කියල කවුදෝ කෑ ගහන්න උනා. අපේ වැඩිහිටියො අපිත් අරගෙන දේවාලෙ උඩට ගියේ බයට. මේ පාරනම් ඇතා වැඩ වරද්දල හත්තිලව්වේ දැං මොකද්ද කරන්නෙ. කවුරුත් කලබල වෙන්න උනා ඇතා කෙලින්ම ආව දේවාලෙ ඉස්සරහට. ඊට පස්සෙ කුරුවෙ ඇත්තව හෙමින් හඳගල ගාවින් තියල පැත්තකට උනා. කාටත් පුදුමයි.  ඩිංගකින් කුරුවෙ ඇත්ත නැගිට්ට. වෙලා තිබුණෙ මේකයි. කුරුවෙ ඇත්ත ඇතාව දිය කඳරෙ බාවල හොඳටම කිතුල් රා බීලා මත්වෙලා වැල්ලෙ නිදා ඉඳල තියෙන්නෙ. ඒ අතරෙ හැන්දැ දුරේ ඇහෙන නිසා ඇතා කුරුවෙ ඇත්තත් අරගෙන පෙරහරට ඇවිදින්. මේ සිද්දියෙන් පස්සෙ ඇතාට තිබ්බ ආදරේ තවත් වැඩි වුනා. ඇතා මැරුනෙ කොහොමද කියන්න දන්නෙ නෑ. අපේ දෙමව් පියො හොඳටම කණගාටු වෙනව මතකයි. උඹ හොඳ පුතා වගේ ඔය කවි පාඩම් කරගෙන ඉස්කෝලෙත් ගිහින් කියපං” ඒ කිරිඅම්මා ඓරාවණයාගේ කතාව නිම කළ ආකාරයයි.

      ඇතාගෙ කතාව පාසලේදී කී බවක් මට මතක නෑ. ඒත් මෙහෙම ලියා තබන්න  අවස්ථාවක් ලැබීම සතුටක්

      පසු සටහන්

      • කුරුවේ කුලය යනු අලි ඇතුන් මෙල්ල කිරීම සම්බන්ධ නිපුණතා ඇති මහනුවර සමයේ පැවති කුලයකි.

      • මගේ කිරි අම්මා, මා කුඩා කල කියූ මේ  සිත්ගන්නා කතාව සත්‍යයක්දැයි සෙවීමේ ආශාව කලක සිටම  විය. මේ  ඇතා පිළිබද පුවත ඇත්තක්ම බව සියලුම පැරැන්නෝ සහතික කරති. මේ හැර  දේවාලයේ සිටි තවත් ඇතුන් පිළිබඳව ද විසිතුරු කතා රාශියක් ද ඔවුහු පවසති. කිරි අම්මා 1963 දී මිය ගිය අතර ඇයගේ එවකට වයස 90 ට වැඩි උනොත් මිස අඩු නොවීය. ඇයගේ පුතණුවන්ගේ දියණිය වූ මගේ මව ඇය ඇමතුවේ කිරිඅම්මා ලෙසය. ඒ අනුව යමින් මා ද ඇමතුවේ කිරිඅම්මා ලෙස වුවත් ඒ  මගේ මුත්තම්මා විය යතුය. ඇය මේ කතාව පැවසුවේ තමා ඉතා කුඩා කල දැක ඇති  යන්තම් මතකයේ  තිබූ ඇතකු පිළිබඳව බැවින් ඇයගේ වයස හා සසඳද්දී ඇතා සිටින්නට ඇත්තේ ක්‍රි.ව. 1870 දශකයේ තරම් ඈත කාලයක විය හැකිය. මේ ඇතා ගැන ගමේ දැනට සිටින පැරණි ඇත්තන් අසා ඇතිමුත් ඇති බවක් නොකියති.

      • වලවේ ගඟ පිහිටියේ ගම් ප්‍රදේශයේ ගිණිකොණ හා දකුණු සීමාව වශයෙනි. ඉතා මෑතදී පවා කල්තොට පෙදෙසින් පැමිණි අලි‍ෙයක් ගම කිට්ටුවටම පැමිණ ඇති බවට රාවයක් එක් නියං සමයකදී පැතිරුනි. එකල මහවනය උග්ගල් අලුත්නුවරට කිට්ටුවම පිහිටි   බැවින් අලි ඇතුන් සැරි සැරීම සාමාන්‍ය දෙයක් විය. අලුත්නුවර “සිංහාසන ගොඩ”ට ආසන්නව “තොටපල්ල” හා “පොකුණේගම” යන පරිවාර දේවාල ගම් දෙසට යන මාර්ග  හමුවන මං සන්ධියේ දී වල් අලියකු පහර දීමෙන් “නාගර දේවී” මිය ගිය බව කියවේ. මෙම මංසන්ධියේ ම ඉදි කළ එම ප්‍රභූ කාන්තාවගේ යයි ව්‍යවහාර වූ සොහොන් ගැබ වට කළ බැම්ම හා එතැන සිටුවා තිබූ නාගස ද 70 දශකය දක්වාම විය.

      මේ අනුව ඉහත කතාව හුදු ප්‍රබන්ධයක්ම නොවිය හැකිය යනුවෙන් ද සිතීමට සාක්ෂි ලැබේ.

      උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි 1.4

      පනාමුරේ ඇත් රාජා සහ අලි ජේමිස් මාමා

      (පනාමුරේ ඇත් රජාගේ ඉරනම තීන්දු වුනු ආකාර පිළිබඳ අප්‍රකට කතාවකි)

      මේ කතාව කියන ලද්දේ එච්.ජී ඒඩිංසිඤ්ඤෝ මහතා විසිනි.  අභාවප්‍රාප්ත ඒ.එම්. එස්. එම්. පුංචිබණ්ඩාර මහත්මා අභාවප්‍රාප්ත ඒ.එම්.ජිනදාස මහතා අභාවප්‍රාප්ත ඒ.එම්. ආරියදිස මහතා සහ දැනට වයස 70 පමණ වන එච්.ජී. ගුණපාල මහතා, වයස 73 පසු කරමින් සිටින එච්.ජී ඒඩිංසිඤ්ඤෝ මහතා සහ දැනට වයස 84 යි එච්.ජී ඇලිස්නෝනා මහත්මිය. නමින් හඳුන්වන උග්ගල් අලුත්නුවර ගමේ දැනමුතු පිරිසක් ‍විසින් කතාව සත්‍යයක් සේ තහවුරු කර ඇත්තකි.වයි.කේ ඒඩින්සිංඤෝ මහත්මා

      අලිජේමිස් මාමා ඒ කාලෙ බැලුවෙ කදිරා කියන මහවලතැන්න වලව්වෙ හිටපු ලංකාවෙ ලොකුම   හස්තිරාජයා . මීට ඉස්සර කාටවත් මේච්චල් කරගන්න බැරුව හිටි කදිර සද්දන්ත අලියෙක් වුනා ඒත් අලිජෙමිස් මාමට බලු පැටියෙක් වාගෙ කීකරු වුනා. පස්සෙ කාලෙ බොහොම සැරට හිටිය ගලගම අලියා වාගෙම නන්දනයා කියන ඇතුන් මෙල් කරල බලා ගත්තෙත් එයා තමයි. කදිරා බලන කාලෙ තමයි. ඔය පනාමුරේ සිද්ධිය වුනේ.  පනාමුරේ ඇත්ගාලට කොටුවුනු ඇතා මෙල්ල කරන්න රටේ කාටවත්ම බැරි වෙලා තිබුණ. අන්තිමේදි, මහවලතැන්නෙ දිසාහාමුදුරුවොයි, අපේ බණඩහමුදුරුවොයි,(1933 -1965 අතර සිටි බස්නායක නිළමේ වූ  සිඩ්නි එල්ලාවල මහත්මාණන්) දංගොමුවෙ උන්නැහැයි තුන් දෙනාම බලකරල කිව්ව හින්ද අලිජේමිස් මාම යන්න කැමති උනේ. නැත්තං එයා ඒ විදිහට ඇතකුට හිරි හැර කිරීමට කැමති වුන කෙනෙක් නෙවෙයි. නුමුත් කරන්න දෙයක් නෑ නේ. “උඹත් ඕන්නං යං බලන්න” කියල අලිජේමිස් මාම කිව්ව නිසා මටත් යන්න පුළුවන් උනා. අපි පනාමුරේට ගියාට පස්සෙ කදිර පිටේ නැගල අලිජේමිස් මාම ඇත් ගාල ඇතුලට ගියා. ඒ හින්ද බයක් වුනේ නෑ. පනාමරේ ඇති පිස්සු වැටිල වාගෙහටියෙ. මෙල්ල කරනවා තියා කිට්ටුවෙන්නත් බැරිවෙලා අලියත් එක්ක එළියට ආපු ‍මාම ලොකු කිතුල් පතකඩත් අරගෙන ආයෙත් ඇතුලට  ගිහින් කිරා ලවා ඇතාට ගැස්සෙවුව. එහෙම කීපවරක් කළත් මෙල්ල වුනේ නෑ. ඇතා කිතුල් පතකඩ උදුඅරල අරං වීසි කළා. මේ භයානක යුදදෙ අපි ඈතට වෙලා අට්ටාල උඩ ඉඳගෙන බලාගෙන හිටියෙ. දවස් ගානක් මේ විදිහට දැඟලුවත් බැරි උනා. අන්තිමේදි මාම කිවු‍ෙව මරු නිලේකට ඇන්නොත් ඇර මෙල්ලකරන් බැරි විත්තියයි. දිසාහාමුදුරුවොයි ඇවිත් හිටපු ලොකු  ලොකු සේරම කට්ටියම කිව්වෙ එහෙමවත් කරන්න කියලයි. “බාගදා මේකෙන් මාත් මැරෙන්න පුළුවන් නැතිනම් අපි තුන්දෙනාම(ඇතා කදිරා සහ තමා) මැරෙන්න උනත් බැරි නෑ” කියල අලි ජේමිස් මාම කදිරව ලැහැත්ති කළා. ඒ කට මාත් උදව් වුනා. ඒ ක ක‍ළේ මෙහෙමයි. නැව් කඹ,  වගෙ මහත ලණු, දං වැල්  අරගෙන කදිරාගෙ බඩ යටින් එල්ලෙන්න ඔන්චිල්ලාවක් වගේ හෙල්ලෙන් නැති මැස්සක් හැදුව.  ඒකෙ තමයි අලි ජේමිස් මාම හිටියෙ හෙන්ඩුව, හෙල්ල, උල් පිහිය හෙම අරගෙන. කදිරාගේ තල්ල යටින් රිංගල ඇතාට ඇණල මෙල්ල කරන්නි බලා පොරොත්තුව.ඒ විදිහට ඕන්න ආයෙත් කදිර ගාල ඇතුලට දක්කගෙන ගිහා. අර ඇතා ගහද්දිත් කදිරා අලි ජේමිස් මාම කියන විදිහට ඇතා ළඟටම ගියා. තුවක්කු කාරයො ගෙන්නල තිබුණෙ හදිස්සියක් උනොත් වෙඩිතියන්නයි. ටිකක් වෙලා යනකං ඇතුලෙ යුද්දෙ වාගෙ. ටිකකින් ඇතා වැටුන. අලිජේමිස් මාම මරු නිලේට ඇණල අලිය මෙල්ල කරනවත් එක්කමයි. ‍

      වෙඩික්කාරයො කලබල වෙලා වෙඩි තියල තියෙන්නෙ. මාම බැනගෙන දොස් කියාගෙන තමයි එළියට ආවෙ. “අපරාදෙ ඇතා මැරුණෙ” කියාගෙන. ඇතා මැරුණෙ මරු නිලේට ඇන්න නිසාද වෙඩි තිවුව නිසා ද කියල දන්නෙ දෙයියො තමයි. අපි ආපහු ආව අලිජේමිස් මාමට තෑගිත් හම්බ වුනා. ඒත් ඊට පස්සෙ මාම හිටියෙ සන්තෝසෙන් නෙවෙයි. කියලයි මට මතක. ඒ පනාමුරේ ඇතා ගැන තමයි ඔය සින්දුව හදල තියෙන්නෙ. රටම කලබල වෙලා තිබුණ හින්ද මේ දවසේ පුරාම සෙනග ඇත්ගාල වටේම ඇවිත් හිටිය.

      පසු සටහන

      අලිජෙමිස් යනු උග්ගල් අලුත්නුවර කලකට පෙර සිටි බව පැවසෙන අලි ඇතුන් මෙල්ල කිරීමට මනා නිපුණත්වයක් තිබූ අයෙක් බව පැවසේ. එයා ඒ ඉගෙනුම ලබා ගත්තෙ  කොහෙන්ද යනු සෙවිය නොහැකිවිය. කතාව පැවසූ අයද කුඩා ගැටවු අවදිය නිසා එවැනි විස්තර ලැබිය නොහැකිවිය.පසු කලක සිටි අලි ඇතුන් මෙල්ල කළ වරකවෙලේ තේගිස් මහත්මා අව්සධහාමි මහතා වැනි අය ඔහුගෙන් ඉගෙනුම ලැබුවෝ වෙති. ඔවුහු ද විශිෂ්ට සමත් කම් දැක්වූ අය වූහ. අය. අලි ඇතුන්ගේ අසනීප වලදී විවිධ ප්‍රතිකාර ද දැන සිටි ඔවුහු ඒ අතින්ද සමතුන් වූ බව ලේඛකයාගේද අත්දැකීම වේ. පෙරහර දිනයනහි පිටින් ගෙනා ලි ඇතුනට පවා වෙදකම් කළේ පිටස්තරයන්ට වඩා දක්ෂ ආකාරයෙනි. පෙරහරට ගමට ගේන ඕන අලියෙක් හෝ ඇතෙක් වුවද මෙල්ල කරන්න ට ඒ අය සත් වූහ. ඒ නිසාම ඒ ඇත්ගොව්වන් පවා මේ අයගෙ මිතුරන්ව සිටියහ.. පිටින් ගේන අලි ඇත්තු මද කිපී අකීකරු වු විට උන්ව මෙල්ල කර ගස් බදින්න උදව් කරන ලද්දේ ද මේ අය විසිනි. පෙරහරෙදි කිසිවකුට අලින් ගැන බියක් නොගෙන සිටීමට විශ්වාසය ඇති වූයේද මේ අය නිසා බව පෙනේ. බස්නායක නිළමේවරුද එය පිළිගෙන කටයුතු කළහ. පෙරහරට පැමිණෙන හැම අලි ඇතෙක්ම පෙරහරේ ගෙන යෑමට හැකි නොහැකි බවට සහතික කළේද මේ අය විසිනි